IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානයක්

(ටී.කේ.ජී.කපිල )
 
                   
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක් අද (30) කටුනායක ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනයේ පැවති සර්ව ආගමික වතාවත් වලින් පසුව එක්විය.
 
මෙය එයා බස් සමාගම විසින් ජර්මනියේ හැම්බර්ග් කර්මාන්තශාලාව නිෂ්පාදනය කරන ලද A-321neo වර්ගයේ ගුවන් යානයකි. 
 
මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය අවම කරමින් පියාසර කළ හැකි ආකාරයට නවතම නිර්මාණයක් ලෙස සකස් කර තිබේ . 
 
මෙම ගුවන් යානයේ දිග අඩි 146 ක් වන අතර , පියාපත් අතර දිග අඩි117.5 කි. උස අඩි 37.7 කි.
 
මෙම යානය තුළ ව්‍යාපාරික පන්තියේ මගීන් 12 කට, පිරිමැසුම්දායක පන්තියේ මගීන් 176 කට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමඟ කාර්යය මණ්ඩලයේ 6 දෙනෙකුට ද එකවර ගමන් කළ හැකිය .
 
මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවරුන් පිරිසක් ජර්මනියේ හැම්බර්ග් නුවරට ගොස් පරීක්ෂා කිරීමෙන් පසුව අලුයම කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනය වෙත රැගෙන විත් තිබිණි .
 
මෙම ගුවන් යානය පැය 03 ක වැනි කාලයක් ගත වන චීනය , ඩුබායි වැනි කෙටි ගමනාන්ත කරා යෙදවීමට අදහස් කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය .



අදහස් (1)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානයක්

වරුසවිතාන Wednesday, 01 August 2018 09:20 AM

යන්න කලින් සුරේන්කාරයා තවත් ගාණකට විදලා..

:       0       114

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site