
‘ශ්රී ලන්කන් එයාර්ලයින්ස්’ තම ගුවන් සේවාවට තව කීර්තියක් අත්පත් කරගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ‘ගුවන් මගීන්ගේ අත්දැකීම් පිළිබඳ සංවිධානය (ඇපෙක්ස්) වෙතින් තරු හතරක් හිමි කරගැනීමට ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමත්ව ඇත.
මගීන් ලද අත්දැකීම් සහ ඔවුන්ගේ ප්‍රතිචාර මත ඇපෙක්ස් සංවිධානය කරන ලද ශ්‍රේණිගත කිරීම්වලට මෙලෙස තරු හතරක් ලබාගැනීමට ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමත්ව තිබේ.
‘විශිෂ්ඨත්වය වෙනුවෙන් මෙම ශ්‍රේණිගත ලැබීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. මගීන්ගේ ප්‍රතිචාර ලැබීම ඉතා වැදගත්. අපි ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. මගීන්ට ඉතා විශිෂ්ඨ සේවාවක් ලබාදීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. මීළඟ ශ්‍රේණිගත කිරීමේදී තරු හතරක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ හි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්තේ මහතා පැවැසීය.
ඇපෙක්ස් යනු ලොව ක්‍රියාත්මක ලාභ නොලබන සාමාජිකත්ව වෙළෙඳ සංවිධානයක් වන අතර එම සංවිධානය ගුවන් මගීන්ගේ අත්දැකීම් ඉහළ දැමීමට ඇප කැප වී කටයුතු කරයි.
ගුවන් සේවා සපයන සමාගම් 470 මෙවර ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව තිබෙන අතර ඉන් තරු පහේ ශ්‍රේණිගත කිරීම ලබාගෙන ඇත්තේ සමස්ත සංඛ්‍යාවෙන් සියයට 12ක් පමණි. තරු හතර ලබාගෙන ඇත්තේ සියයට 14ක සංඛ්‍යාවකි.
පසුගිය වසරේ ඔක්තෝබර් 24 වැනිදා සිට මේ වසරේ ජූලි 31 වැනිදා දක්වා කාලයේදී ගුවන් ගමන් වාර 500,000කදී මගීන් ලද අත්දැකීම් සහ ඔවුන්ගේ ප්‍රතිචාර පදනම් කරගනිමින් මෙවර ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ.
ශ්‍රේණිගත කිරීම සිදු කිරීමේදී මගීන්ගේ ගුවන් ගමන් අත්දැකීම්, ආසනවල සුව පහසුව, කාර්ය මණ්ඩලයේ සේවය, ආහාර පාන, විනෝදාස්වාදය සහ වයි-ෆයි යනාදී පහසුකම් දර්ශක ලෙස භාවිත කර තිබේ.
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ මේ වනවිට රටවල් 47ක නගර 105ක් වෙත ගමන් කරන අතර ‘වන් වර්ල්ඞ් ගෝලබල් එයාර්ලයින්’හා සාමාජිකයකු වෙමින් රටවල් 160ක ගමනාන්ත 1,000ක් දක්වා විහිදුණු ජාලයකට ද හිමිකම් කියයි.
- 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින් නම් ශ්‍රී ලන්කන් කියලා ගුවන් සමාගමක් තිබ්බ කියලා දන්නවා. දැන් එහෙම එකක් ඇත්තටම තියෙනවද? මේකත් මට පෙන්නේ මෙර්වින් සිල්වාගේ ආචාර්ය පදවිය වගේ.
සල්ලි දීලා ගත්ත එකක් වගේ...
අනේමන්දා අපි මේ හීනයක්ද දකින්නේ? සැමවිටම අපට දක්නට ලැබුනේ, ඇසුනේ මීටපෙර බලයේ සිටි දේශාපලකයන් මුළු ගුවන් සේවයම ගිල දැම්මා කියලා... දැන් බලයේ ඉන්න දේශපාලන අම්බරුවන් කියන දේවල්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොන "දේශපාලන අම්බරුවොද?" ඇත්ත කියන්නේ කියලා එහෙම නැත්නම් අර " හොඳම මුදල් හොරාට ලැබුණු " කුසලානය වගේ එකක්ද දන්නේ නැහැ...?
අනේ මන්දා කව්ද මේවා දෙන්නේ කියලා. නිතරම යන අපෙන් අහන්න ඕනෑ හොද නරක. දැන් පැරීසියට යන්නේ නෑ. යන කාලෙත් ලක්ෂ ගාණක් ටිකට් එක. මැද පෙරදිග ඒවා 100% 50ක් අඩුවෙන් ගන්න පුළුවන්. අලුත්ම ගුවන් යානා..මගීන් ගෙන් ඇහුවානම් කියයි ලස්සනට. එක කිලෝ එකක් දෙන්නේ නෑ වැඩිපුර. අඩු කරන්න කියනවා. නැත්නම් ගෙවන්න කියනවා. එ්කට පිටරටවල් වල ගුවන් සමාගම්...
තව ඉස්සරහට තරු පෙනේවි !!!
මේ සමාගමේ ණය ගැන අහල බැලුවොත්, ඔයිට වැඩිය තරු පෙනෙයි.
මට නම් ඔය සිරිලන්කන් ගුවන් ගමනේ කිසිම සතුටක් නෑ. කකුල් දෙක දිග අරින්න බෑ. හිරවෙලා. ගමන අවසාන වෙද්දී කකුල් හිරිවැටිලා. වේටෙර් අක්කල ලංකාවේ අහිංසක මිනිස්සුන්ට කතාකරන්නේ ඉංගිරිසියෙන්. බැරිම වුණොත් කට උල් කරලා අමාරුවෙන් වගේ සිංහල වචනයක් දෙකක් දොට්ට දාගන්නවා. ඇඳගෙන ඉන්න රෙද්දේ විතරයි අපේකම තියෙන්නේ....
මම කවදාවත් ශ්‍රීලන්කන් එක්ක ගුවන්ගත වෙන්නේ නැහැ. මගේ අත්දැකීම හරියට ලංකාවේ පුද්ගලික බස් එකක යනවා වගේ. එකේ ගුවන් සේවිකාවන් හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ දිව්‍යාංගනාවන් කියල. ඒ තරම් හීනමානය තියන කට්ටියක් මම ජීවිතේට දැකල නැහැ. සුදු කබර හැර එක්කෙනෙක් කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතාකලොත් දෙකට නැමීගෙන යන්නේ. සිංහල මිනිස්සුන්ට අන්තිම සවුත්තු විදිහට සලකන්නේ. ඒ ගොල්ලෝ අපේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට සලකන විදිහ බැලුවොත් මේක හොඳට තේරෙයි. අතිශයින්ම දරිද්‍ර ගුවන් සේවයක්. මම මේ නිගමනයට එන්නේ ලෝකේ හුඟක් ගුවන් සේවාවන් එක්ක ගුවන් ගත වෙන මගියෙක් හැටියට. අපේ ගුවන් සේවය, යම් මට්ටමකට ගන්න සෑහෙන මහන්සි වෙන්න වෙනවා. මේක හොඳට බලාගන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවල සහ එංගලන්තයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් එක්ක සමීක්ෂණයක් කළොත්.
අපේ සේවිකයෝ ලස්සනේ එත් ...සිංහල දන්නේ නැහැ වගේ ඉන්නවා බොහෝ ය ආඩම්බරේ ..එමිරේට්ස් .කටාර් ගුවන්සේව හරිම මිත්‍රශීලී
[විශිෂ්ඨ සේවාවක් ලබාදීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. මීළඟ ශ්‍රේණිගත කිරීමේදී තරු හතරක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා....] කියල ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්තේ මහතා පවසන්නේ මෙවර තරු තුනක් පමණක් ලබාගත් නිසා නොවේද කියල මේ පුවත කියවන විට හැඟී යනවා නේද ? මා පැරිසියේ සිට මගේ පවුලේ අයගේ අවමගුල් දෙකක් සඳහා ශ්‍රී ලංකාවට ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමග ගියා. ඊට පෙරත් නිවාඩු සඳහා මා තෝරා ගත්තේ මගේම මව්බිමට අයත් මේ සමාගමයි. ඊට ප්‍රධාන හේතුවක් වුයේ අතර මග නතර නොකර කෙලින්ම මගේ නිවෙස් දෙක සමීප කරන එකම ගුවන් සේවය වූ නිසාය. පැරිසියට කොළඹ සිට ඍජු ගුවන් ගමන් නතර කර තිබෙන නිසා දැන් ගෙදර යන්න පැය ගණනක් අතිරේකව ගුවන් තොටුපොළවල රස්තියාදු වෙන්න තිබෙනවා වගේම, අතේ තියෙන තුට්ටු දෙක විදේශීය ගුවන් සමාගම් වලට පුදන්නත් වෙනවා !!!
සාරි ඇඳන් වැඩ කරන්න පුලුවන්ද? සාරි ඇඳ ගත්තම ෂෝ එකට හොඳයි. ඔය වගේ දේවල් නඩත්තු කරන්න අමාරුයි..... අනික මිනිස්සු බලන්නේ ගුණාත්මය...... ෂෝ වලින් වැඩක් නැහැ. පාරිභෝගිකයා ගෙවන මුදලට හරියන සේවයක් බලාපොරුත්තු වෙන්නේ. ෂෝ එක අඩු කරලා වැඩ කරන්න පුළුවන් මිනිස්සු හිටියොත් ශ්‍රී ලන්කන් එකට ගොඩ යන්න පුළුවන් කියල හිතනවා.
සුභ පැතුම් මම ඉතාම කැමති ගුවන් සේවාවක්....
මේ එයාලයින් එකට තරු 4 ලැබුණට, මේක නිසා මුළු රටේම ජනතාවට අම්බානට තරු පෙනිලා තියෙන්නේ.
ශ්‍රී ලන්කන් නිසා කාටවත් තරු පේන්න ඕනේ නැහැ. දේශපාලකයෝ මේ ආයතනය විනාශ කලා මිසක් ශ්‍රී ලන්කන් වල සේවය කරන සේවකයන් පසුගිය පාඩුවට පලි නැහැ. 2008 වෙනකන් ලාභ ලබපු ආයතනය විනාශකලේ කවුද කියල දන්නා මිනිස්සු දන්නවා දැනටත් ශ්‍රී ලන්කන් වසරකට ඇ.ඩො.මි. 900 ක අාදායමක් ලබනවා. එක දේශපාලකයෙක් වත් ඕවා කියන්නේ නැහැ. සල්ලි දීලා ඇපෙක්ස් ගන්න බැරි බව සාමාන්‍ය දැනුමක් තියන කෙනෙක්ට තේරුම් යන්න ඕනේ.... හරියට ලියලා තියන දේ කියෙව්වා නම් ...
මම ගුවන් මගියෙක්, සුද්දො ලකුණු දුන්නා නම් හොඳට දීල ඇති මොකද උන්ට අපේ කෙල්ලෝ හොඳට සලකනවා. එම ගුවන් යානයේ යන අපිට කුඩම්මාගේ සැලකිල්ල හරියට අපි සල්ලි දීල එයාර් ටිකට් ගත්තේ නේ කියල හිතේ. වතුර ටිකක් ඉල්ලා ගන්න කීප වතාවක් කියන්න ඕන. සුද්දන්ට ඕන දේ වහාම ගරු සලකිලි සහිතව දෙනවා. අලෙවිකරණය දන්නවා නම් පාරිභෝගිකයෝ කවුරුත් එක සමානයි. මම දැන් වැඩියෙන්ම යන්නේ කටාර් එයාලයින් එකේ.
මම හිතුවේ ශ්‍රී ලන්කන් එකට තරු පෙනිලා ඇති කියලා. දැන් නම් ශ්‍රී ලන්කන් අන්තිමයි.
මෙතන සෑහෙන්න ශ්‍රී ලංකන් වැඩ කරන අය ඉන්නවද මන්දා, එක්කෝ කවදාවත් ශ්‍රී ලංකන් එකේ ගිහින් නැති ජාත්‍යාලයෙන් ඔද වැඩුණු පිරිසක් ඉන්නේ. ශ්‍රී ලාංකික වුණාට වැඩක් නැහැ. නියමිත සේවාව දෙන්නේ නැතිනම්. ගුවන් සේවාවක් ගමනකට විශාල මුදලක් අය කරන්නේ ගමනට වන සැබෑ වියදම හින්දාම නොවෙයි. ලබා දෙන සේවාවටත් එක්ක. ලංකාවේ කොතනත් වගේ, තමන්ගේ වෘත්තිය නියමාකාරයෙන් නොකර සිටීම තමා පෙනෙන්නට තිබෙන්නේ. එක් අතකින්, රටක් විදිහට වෘත්තීන්, සේවාවන්, ගුණගරුක භාවයන් අභාවයට යමින් තිබෙන සමයක, ශ්‍රී ලංකන් එක විතරක් වෙනස් නොවී තිබෙන්නේ කෙසේද?
"ඇපෙක්ස් යනු ලොව ක්‍රියාත්මක ලාභ නොලබන සාමාජිකත්ව වෙළෙඳ සංවිධානයක්" ඉතින් අහන්නත් දෙයක්ද ? අපිට තරු දීල තියෙන්නේ පාඩු ලබනවට...
මටත් කියන්න තියෙන්නේ මගේ අත්දැකීම් අනුව ශ්‍රී ලංකන් එකේ ගුවන් සේවිකාවන් තරම් ආඩම්බර කට්ටියක් මම දැකල නැති බවයි. මම හිතුවේ මේ අය ආඩම්බර පොළොවෙන් අඩි 35000 ක් උඩින් යන නිසාදෝ කියල.
ඒ කියන්නේ තිබුණු තරු පහ තරු හතරට හැලිලද? අයියෝ.... !
මට හිතන්නත් බැරි තරම්. මම පසුගිය දස වසරක් තුල හත් වරක් ඔස්ට්‍රේලියාවට ගියා. හය වරක් ගියේ එක එක ගුවන් සමාගම්වල ගුවන් යානා වලින්. මෙවර 2017 ජනවාරි මස පළමු වරට ශ්‍රී ලන්කන් යානයකින් වසර 01 වලංගු ටිකට්, වසරටම ගුවන් ගාස්තුව ගෙවා අපි මිල දී ගෙන අවා. අපේ ආපසු ගමන 2018 ජනවාරි මස තුන් වන සතියට යොදාගෙන තිබුණා. 2017 ජනවාරි මස ටිකට් මිලදී ගන්න විට ගුවන් සමාගමේ වසරක ගුවන් වේලාවන් නිකුත් කර නොතිබුණි. 2017 දෙසැම්බර් මස 10 වැනිදා දක්වා පමණක් ගුවන් වේලාවන් නිකුත් කර තිබුණා. ටිකට් මිලදී ගන්න විට රිටර්න් දිනය දෙසැම්බර් 10 යනුවෙන් සඳහන් කර පසුව එය 2018 ජනවාරි තුන්වන සතියට වෙනස් කර ගැනීමට පුළුවන් කියා ටිකට් නිකුත් කළා. මසකට කලින් එම දින වෙනස් කර දෙන්න කියල මම ඉල්ලුවා. දින වෙනස් කරන්න එක අයකුට 3750/- බැගින් ගෙවන්න කීවා. ගුවන් සමාගම දින නිකුත් නොකර තිබියදීත් මගේ කිසිම වරදක් නොමැතිව වසරක ගාස්තුව ගෙවා තිබියදීත් සේර්විස් චාජ් කියා වැඩි පුර මුදල් ගසා කනවා. මිට පෙර හය වතාවක් අපි අාවේ ඔය ආකාරයට. එම ගුවන් සමාගම් කිසිම කරදරයක් නැතිව කිසිම වැඩිපුර ගාස්තුවක් නොමැතිව අලුත් දින දුන්නා.
ඔව් ඔව් ඔය කතා එදා ඉදන් කියනවා හැබැයි ඕක ආරම්බ කරපු දිනයේ සිට අද වනතුරු රටට වෙලා තියෙන පාඩුව කරලා තියෙන පාඩුව බොහෝ අය නොදන්නා බවක් තමයි මේ කොමන්ට්ස් වලින් පෙනෙන්නේ. මේ එහෙම පිටින්ම දුප්පත් ජනතාවට මහා විපතක් දැන් අපි මේ සියලු පව් ගෙවමින් ඉන්නවා
ඕක නඩත්තු කරන්නේ පව් ගෙවන්නේ අපි. අපේ සල්ලි ඕකට යන සල්ලි වලින් රටේ විශ්ව විද්‍යාල රෝහල් ගණනාවක් හදන්න තිබුන අදටත් රටට කන්න දෙන විදේශ ශ්‍රමිකයින් ගේ එක මල මිනියක් ගෙනත් තිබෙනවද නැහැ. රටේ යථාර්තය තේරුම් ගන්න ඕන
තරු හතරක් මදි... හිටං...මොකද ලෝකෙන්ම හොඳම මුදල් ඇමතියි, පිරිසිදුම රාජ්‍ය නායෙකුවන "Mr Clean " ඉන්නෙත් ලංකාවෙ නිසා මේ වගේ දූෂිතම ආයතනයකට අඩුම ගානේ තරු 10 යක් වත් දෙන්න ඕනේ..හිටං...
කොමෙන්ට්ස් 30ම කියවා බැලුවෙමි. කිසිම තැනක කිසිම වරදක් නැත. 100%ක්ම නිවැරදි කොමෙන්ට්ස්ය. මම 1982 සිට මේකේ 10 වතාවක් විතර ජර්මනියේ ඉඳල ආවා, එක අවුරුද්දක් මේ අයගේ එයාර් ලයින් එකේ ටිකට් එක හෙන ගණන් නිසා, එමිරේට්ස් එයාර් ලයින් එකේ ආවෙමි. යුරෝ 150ක් අඩුවට ටිකට් එකත් ලැබුණා. සුපර් සර්විස් එක, නියම විනෝදාංශවල්, ආසන එහෙම වැඩි පරතරයකින් තියෙන්නේ... එදා පටන් අද වෙනතුරු හැම අවුරුද්දෙම ලංකාවට යන්නේ එමිරේට්ස් එකෙන්ය. අඩුගානේ 28 වතාවක් ගියා.
ළඟදීම තරු පෙනෙයි
ශ්‍රී ලන්කන් වල ඉන්න අය හිතන්නේ ඒ අය මේ ලෝකේ හැමෝටම උඩින් ඉන්නේ කියලා. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ සේවකයන්ගේ . මනුස්සකමක් නැහැ . සුද්දන්ට ප්‍රශ්නයක් නැහැ . දෙකට නැමෙනවා. ලංකික අපිට බල්ලන්ට වගේ සලකන්නේ.