(හර්ෂණ තුෂාර සිල්වා)
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට රංජිත් ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනු ලැබ තිබේ.
මාර්තු මස 29 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙම පත් කිරීම කරනු ලැබ ඇත.
මනෝ තිත්තවැල්ල, සුසන්ත කටුගම්පළ, ආචාර්ය රෝෂන් පෙරේරා සහ එයාර් මාර්ෂල් කපිල ජයම්පති, රංජිත් ප්‍රනාන්දු මහතා සභාපතිධුරය දරණ ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ වෙති.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනකු ඉකුත් දෙසැම්බර් මාසයේදී අස්වීමේ ලිපි බාර දුන් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ස්ථාපිත කරන තුරු එම අධ්‍යක්ෂ මණ්ඩලයටම රාජකාරී කරගෙන යන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබිණි.
ඉන් අනතුරුව පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කළේය.
දෙසැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමේ ලිපි බාරදීමෙන් පසු පළමු වරට ජනවාරි (25) වැනිදා අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වු අතර ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ තවදුරටත් එම ධුරයේ තබාගන්නේ ද යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වා තිබිණි. එහිදි සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 5ක් ද අතර විපක්ෂව ඡන්ද දෙකක් ද ලැබි තිබිණි.
සුරේන් රත්වත්තේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කිරීමට ඡන්දය දුන් පිරිස අතර සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ද වූ අතර අජිත් ඩයස් මහතා ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන් සමාගමේ අධ්‍යක්ෂකවරුන් හයදෙනාගෙන් කෙනෙක් ද විය.
කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවට ද සුරේන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබිණි.
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ කළමනාකරණය ආයෝජන රැගෙන පැමිණෙන ජාත්‍යන්තරයේ ඉහළම ගුවන් සමාගමක් වෙත ලබා දී රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර තිබෙන බව ද එවකට රාජ්‍ය ව්‍යවාසය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් මහතා ජනවාරි මාසයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගම රාජ්‍ය ව්‍යාවසාය අමාත්‍යාංශ විෂය පථයට අයත් ආයතනයකි. වත්මන් අමාත්‍යවරයා වනුයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කියනවනම් මේ ලිපිය කියවනකොට ශ්‍රී ලන්කන් කාට අයිති කවුරු පාලනය කරන එකක්ද කියලවත් මට හිතාගන්න බැරිවුනා. වැදගත් වෙන්නේ අලුත් සභාපති කාගේ කෙනෙක්ද කියන එක විතරයි, ඉතුරු හරිය අපට හිතා ගන්න පුළුවන්.
ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නැහැ.
තවම කළමනාකරණය හරි නෑ
පිටරට පදිංචි වෙලා ඉන්න මිනිස්සුත් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරලා තියෙන එකයි පුදුමේ.
මෙතන කී දෙනෙක් ඉන්නවද මේ විෂය ගැන දන්න? මේ විෂය ගැන අත්දැකීම් තියෙන?
රන්ජිත් මහතානනී නිහතමානී ඔබට මගේ සුබ පැතුම්. ඔබගේ හැකියාවන් ගැන මම හොඳින් දනිමි.............
"ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නැහැ." මෙම මැතිතුමාගෙන් එසේ නොවන බව මටනම් සහතිකයි.
ඔය ආයතනයට තියෙන ණය කන්දරාවේ හැටියට කව්රු ආවත් ඕක ගොඩ ගන්න බැහැ. පිට රටක සමාගමක් ඕකත් එක්ක කීයටවත් බද්ධ වෙන්නේ නැහැ. අද සිදුවන්නේ රටේ සියලු දෙනාගේ බදු මුදලින්, කිහිප දෙනෙක් පමණක් ගමන් ගන්නා මේ පාඩු ලබන ආයතනය නඩත්තු කිරීම පමණි. දැන් ඇති එකම විකල්පය නම්, ඔය ආයතනය වසා දැමීම පමණි.