IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික සහ වාණිජ බැංකුව සම්පත්

එක්සත් රාජධානියේ World Finance සඟරාව විසින් පවත්වනු ලැබූ 2025 World Finance සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව සහ හොඳම වාණිජ බැංකුව වශයෙන් සම්පත් බැංකුව, යළිත් වතාවක් ගෞරවයට පාත්‍ර වී තිබේ. විශිෂ්ටත්වය, නවෝත්පාදනය, පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයුම සහ තිරසාර වර්ධනය සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම උදෙසා මෙම කීර්තිමත් සම්මාන ද්විත්වය 11වැනි වරටත් හිමි වීම සුවිශේෂී වේ. 
වසර 2014 දී මෙම සම්මාන ප්‍රථම වරට දිනාගත් දා පටන් සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ බැංකුකරණය විශිෂ්ට තලයකට රැගෙන ඒමට කටයුතු කරමින් පාරිභෝගික හා වාණිජ බැංකුකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වෙමින් සිටියි. මෙම සම්මානවලින් සම්පත් බැංකුවේ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය පමණක් නොව, ගනුදෙනුකරුවන්ට ඉහළ වටිනාකමක් එක් කිරීමට සහ මෙරට ව්‍යාපාර බලගන්වමින්, ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීමට දැක්වූ අඛණ්ඩ දායකත්වය ද ඇගයුමට ලක් කෙරේ. 
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සම්පත් බැංකුවේ යෝජිත කළමනාකාර අධ්‍යක්ෂ සංජය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. 
‘මෙම පිළිගැනීම, සම්පත් බැංකුවේ ගනුදෙනුකරුවන්, සේවකයන් සහ අනෙකුත් කොටස්කරුවන් ඇතුළු සියලු‍ පාර්ශව අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් ලද උපහාරයක් වනවා. මේ තුළින් අපගේ සාමුහික ශක්‍යතාව, දූර්දර්ශී චින්තනය මෙන්ම අඛණ්ඩතාව මනාව පිළිබිඹු කෙරෙනවා. අප ලද මෙම සුවිශේෂී ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිනවා සේම සියලු‍ම ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් විශිෂ්ට වූ බැංකු සේවාවක් ලබා දෙමින් ශක්තිමත් අනාගතයකට මුහුණ දිය හැකි මුල්‍යමය පරිසර පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමට අප අඛණ්ඩව කැප වී කටයුතු කරනවා’’ 
දැඩි තේරීම් නිර්ණායක සහ ගෝලීය ඉදිරිදර්ශනය සඳහා ප්‍රසිද්ධ මෙම ලෝක මූල්‍ය බැංකු සම්මාන උළෙල, නවෝත්පාදනය, මෙහෙයුම් විශිෂ්ටත්වය, සේවා සැපයීම සහ තිරසාරභාවය සඳහා වන නායකත්වය යන කරුණු මත පදනම්ව මුල්‍ය ආයතනයන් ඇගයුමට ලක් කරයි. දශකයකට වැඩි කාලයක් මෙරට හොඳම පාරිභෝගික බැංකුව සහ හොඳම වාණිජ බැංකුව ලෙස සම්මාන දිනා ගනිමින් නිරන්තරයෙන් වෙනස් වන මුල්‍ය වාතාවරණවලදී සිය ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය පවත්වා ගත් සම්පත් බැංකුව, බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස රැඳී සිටීම වඩාත් කැපී පෙනෙනු ඇත.
ජාත්‍යන්තර තලයේ වසර දහයකට වැඩි කාලයක් පුරාවට අඛණ්ඩ විශිෂ්ටත්වයක් අත්පත් කර ගනිමින් සම්පත් බැංකුව, මෙරට පුරවැසියන්ට මෙන්ම ව්‍යාපාරවල සැලකිය යුතු වර්ධනයක් උදෙසා බුද්ධිමත්, දූරදර්ශී ප්‍රවේශයකින් සමන්විත සැලසුම් ලබා දෙමින් විශ්වාසවන්ත මුල්‍ය සහකරුවකු වශයෙන් සිය කැපවීම නැවතත් තහවුරු කර තිබේ.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික සහ වාණිජ බැංකුව සම්පත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site