(අජිත්ලාල් ශාන්තඋදය)
ශ‍්‍රී ලංකාවේ වෙළඳ පොලේ අලෙවියට නොමැති ලෝක වෙළඳ පොළට යවන ඉහළ විදෙස් ඉල්ලූමක් ඇති ලාංකික තේ නිෂ්පාදන ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයන්ට සහ ශ‍්‍රී ලාංකිකයන්ට මිලදි ගත හැකි අලෙවි හලක්, ප‍්‍රදර්ශනාගාරයක් සහ නිෂ්පාදන රස බැලිය හැකි භෝජනාගාරයක් රත්නපුර ලෙල්ලොපිටියේ දී තුර්කි රජයේ ශ‍්‍රී ලංකා තානාපති ටුන්සා ඔෂ්කුහඩාර මහතා අතින් විවෘත විය.
කොළඹ බදුල්ල පාරේ රත්නපුර නගරය පසුකර පැල්මඩුල්ල දෙසට කිලෝ මීටර් හයක් පමණ යනවිට මෙම ස්ථානය පිහිටා ඇත. බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ, උඩවලව, හම්බන්තොට, ආදී ප‍්‍රදේශ බලා යන විදෙස් සංචාරකයන්ට ගිමන් හැරීමේ ස්ථානයක් ලෙස සියලූ පහසුකම් සහිතව පිහිටි මෙම ස්ථානයේ තේ කර්මාන්තයේ ඉතිහාස තොරතුරු සහ භාණ්ඩ ප‍්‍රදර්ශනය කරන කෞතුකාගාරයක් ද ස්ථාපිත කර ඇත.
‘‘ලෝකයේ වැඩි ඉල්ලූමක් තියන තේ ලංකාවේදී ලබාගැනීමට නොහැකි වීම ගැන ලංකාවට එන ප‍්‍රධාන පෙලේ විදේශිකයන් නිතරම අහන ප‍්‍රශ්නයක්. ඔවුන්ට ඒ නිෂ්පාදන ලංකාවේදී රස බලන්න ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. අගනුවරින් බැහැර යන විදේශිකයන්ට එවැනි නිෂ්පාදන මිලදි ගන්නත් රස විඳින්නත් මෙතනදී පුලූවන්.
අපේ තේ කර්මාන්ත ශාලා සමූහයේ නිෂ්පාදන තමයි මෙතන තියෙන්නේ. ලොව ඉහළ ඉල්ලූමක් ඇති අපේ නිෂ්පානයන් නොවන තේ නිෂ්පාදනත් මෙතන අලෙවියට තියනවා.’’ ‘‘ටීජා ලෝන්ච්’’ ආයතන සථාපිත කළ කේඞීයූ සමුහ ව්‍යාපාරයේ සභාපති සමන් උපසේන මහතා පැවසුවේ ය.
‘‘ලංකාවේ තේ කර්මාන්ත ක්‍ෂෙත‍්‍රයේ ලොකු වෙනසක් මේක. ලෝකයේ ඉහළ ඉල්ලූමක් ඇති තේ නිෂ්පාදන මේ ‘‘ටී ජා ලෝන්ච්’’ආයතනයෙන් දැන් ලංකාවේ කෙනෙකුට වුණත් මිලදී ගන්න පුලූවන්. මෙතන තියන රෙස්ටූරන්ට් එකෙන් රස බලන්න පුලූවන්.
ඒ විතරක් නෙවෙයි මේ ආයතනයට එන කෙනෙක් තෝරා ගන්න තේ වර්ගය මෙතැනදීම රස බලන්නේ නම් ඒ තේවලට ගැපෙන අමතර කෑම අපි හදලා දෙනවා.
මේ පහසුකම විදේශිකයන්ට විතරක් නෙමෙයි ශ‍්‍රීලාංකිකයක්ට වුණත් අපි ලබාදෙනවා. පස් දෙනෙකුට අවශ්‍ය තේ පෝච්චියක් අපි හඳුන්වලා තියනවා. ඇත්තටම මේ නව සංකල්පය තුලින් අපි විදෙස් සංචාරකයන්ට ලංකාවේ තේ වල ඇති නියම තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලබාදීලා ශ‍්‍රී ලංකාවේ තේ ගුණාත්මක තේ කියන නාමය ලොවපුරා ප‍්‍රචලිත කරලා අපේ තේ සඳහා ලොව ඉල්ලූම ඉහළ දැමීමේ පණිවිඩය ගෙන යන එක්තරා සැලැස්මක් මේක කියලා කියන්නත් පුලූවන්’’ කේඩීයූ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ නීලක උපසේන මහතා පැවසුවේ ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙම වෙළඳ නාමයෙන් තියෙන තේ වර්ගය අවුරුදු 5 ක් පමණ භාවිතා කරනවා.. ඉතාමත් රසවත්... හැබැයි රත්නපුරේ ගියාම තමයි ගන්න වෙන්නේ.. ගියපුවා කිලෝ 3ක් විතර ගන්නවෙනවා.. එ්ක නිසා ලංකාව පුරාම විකුණුවා නම් තම හොඳ... එතකොට කඩවල තියෙන පච තේ බොන්න වෙන්නේ නෑ
ලංකාවේ තේ ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය ආයතන කීයක් නම් තියේද...? ඇයි ඒ අයට මෙච්චර කාලෙකට මේ වැඩේ කරන්න බැරි වුණේ...? ඒ අය තේ කර්මාන්තයට මෙතෙක් මොනවද කරලා තියෙන්නේ...? නිලධාරීන්ගේ සුඛ විහරණය නම් ඉහළින්ම තියනවා.
ටී ජාර් කියන්නේ ලංකාවේ හොඳම සිංගල් ඔරිජින් ටී. හරි ආඩම්බරයක් රටට... විශේෂයෙන්ම ඩොලර් එක වැටුණා මේ වෙලාවේ..
සිනොලාන් කියන තේ වර්ගයත් ඉතා හොඳයි. දැන් ඔඩෙල් එකේ තියනවා.
ලංකාවේ ඕනෑම තේ කර්මාන්ත ශාලාවකින් හොඳ තේ අඩු මිලට ගන්න පුළුවන්. කතා කරලා ගෙන්න ගන්නත් පුළුවන්. උඩරට, පහත රට, මැද රට තේ රස වෙනස්. සුපර් මර්කට් වල තියෙන්නේ මිශ්‍ර කරපු, රස කරපු මිල අධික ඒවා. ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ හොඳ තේ බොන්න නැති එක නම් මහා වැරැද්දක්.
මොනවා කිව්වත් අපි තවමත් අඩු වටිනාකම් තේ අපනයන උගුලක ඉන්නේ... අපිට හරි දැක්මක් නැහැ ඊ ළඟ මට්ටමට යන්න. කාබනික තේ වගේ වර්ගවලට දෙගුණයක ලෝක මිලක් තියෙනවා. අපිට ඕනේ වැඩියෙන් රටට ඩොලර් එන්න නම් අලුත් දේ නිපදවිය යුතුය.
තේ කෝප්පයක් බොන්න රත්නපුරේට යන්න ප්‍රවාහන ගාස්තුව ගෙවන්නේ කවුද?