
(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම සඳහා ගුවන් බුබුළක් (එයාර් බබල්) ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමු වී ඇත.
තෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමු වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.
‘කොවිඩ්-19’ එන්නත් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වැඩි කිරීම සහ දෙරට අතර සංචාරක කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ මෙරට ව්‍යාපාරික ප්‍රජාව අතර සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.
ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් තවදුරටත් ප්‍රයෝජන ගැනීම සහ දෙරට අතර තවදුරටත් පුළුල් කෙරුණු නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡාවට ලක්වී තිබේ.
තෙදින නිල සංචාරයක් සඳහා ඉකුත් දා (5) මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ (7) නැවත සිය රට බලා පිටත් විය.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සහ මෙරට ව්‍යාපාරික ප්‍රජාව අතර තිබූ හමුවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේල මාස් හෝල්ඩින්ස් සමූහයේ සභාපති දේශමාන්‍ය මහේෂ් අමලීන්, ජෝන් කීල්ස් හෝල්ඩින්ග් හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්ද, ඉන්දීය සී.ඊ.ඕ. සම්මේලනයේ සභාපති උමේෂ් ගෞතම්, සන්ෂයින් හෝල්ඩින්ග් සමූහයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි, බ්‍රැන්ඩික්ස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අෂ්රොෆ් ඕමාර්ල හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හාන්ස් විජේසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඇසුරිනි)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාව හා ඉන්දියාව අතර ගුවන් බුබුළක්
CHANDIMA Friday, 08 January 2021 06:30 PM
ඒ නම් ඉතින් විහින් කෙළවාගන්න තමයි යන්නේ...
Qatar sita Sunday, 10 January 2021 07:32 AM
අනේ හොඳයි... කොරෝනා බිස්නස් එක හොඳටම නැගිලා යයි.ඔය බුබුලුයි විදේශික ශ්‍රමිකයින් ඉන්න රටවලට යොදන්න බැරි... ඉන්දියාවේ කටාර් රාජ්‍යය එක්ක ඔය බුබුල ක්‍රියාත්මක කරනවානේ...