භානුක අමරසිංහ
ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර සිදු කරන ඍජු ගුවන් ගමන් පුළුල් කිරීම සඳහා අවධානය යොමුව ඇතැයි රජය පවසයි. පසුගියදා ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරයට සමගාමීව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ජර්මානු ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය තෝමස් ස්ෆෙන් අතර පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව යෝජනා ඉදිරිපත්ව තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වෙත සිව්වැනියට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට ලෙස ජර්මනියත් සමගින් ඍජු ගුවන් ගමන් පුළුල් කිරීම මෙරට සංචාරක කර්මාන්තයට වාසි දායක බව හඳුනාගෙන තිබේ. ඒ අනුව කොළඹ හා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් සහ මියුනික් අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම පිළිබදව මෙහිදී අවධානය යොමුව ඇත. 2024 වසර තුළ ජර්මානු සංචාරකයන් 136,084ක් මෙරටට පැමිණ ඇති අතර, මේ වසරේ මුල් මාස පහ තුළ 69,000ක් පැමිණ තිබේ.
වර්තමානයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ජර්මානු සංචාරකයන් මැදපෙරදිග හෝ ඉන්දියාව වෙත පැමිණ ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වෙත පැමිණීම සිදු කරයි. ඒ හේතුවෙන් ඔවුන්ට පැය අටක පමණ අමතර කාලයක් ගත වෙයි. ඒ අනුව දෙරට අතර ඍජු ගුවන් ගමන් පුළුල් කිරීම හරහා මෙම බාධා ලිහිල් වන බව අදහස වී තිබේ. මේ අතර අද වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතියට දින තුනක් කොළඹ සහ ෆ්‍රැන්ක්ෆර්ට් අතර ඍජු ගුවන් ගමන් සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකාව සහ ජර්මනිය අතර ඍජු ගුවන් ගමන් පුළුල් කිරීමට අවධානය