බ්‍රිතාන්‍ය කවුන්සලය මගින් ඇරැඹූ ගෝලීය සමාජ ව්‍යවසාය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකයන් පිළිබඳ සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී අද (28) සිදුකෙරිණි .
එක්සත් ජාතීන්ගේ ‘එස්කැප්‘ ආයතනයේ සහය ඇතිව ලංකා සෝෂල් වෙන්චර්ස් ආයතනයත් බ්‍රිතාන්‍ය සමාජ ව්‍යවසායකයන්ගේ ආයතනයත් සහ තවත් ආයතන රැසකගේ සහය ඇතිව මෙම සමීක්ෂණය කර ඇත.
කර්මාන්ත හා වානිජ අමාත්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යා රිෂාඩ් බදියුදීන් ,ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිල් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ගියිල් කෝයිල්ඩිකෝට් , ආචාර්ය ලලිත් වෙලමැදගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.
(ඡායාරූප චතුර එස් .කොඩිකාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවසායකයෝ ගැන කතා කරන්න දෙයක් නැහැ. අවුරුදු 70 ගතවෙලා තවම ඉඳිකට්ටක් හදාගන්න බැහැ. නිමි ඇඳුම් ,මෘදුකාංග ඇරුනම මොනවද තියෙන්නේ? නැගීගෙන ආපු කර්මාන්ත 77 සැලසුමක් නැති නිදහස් ආර්ථිකයෙන් විනාශ කරගත්තා. කර්මාන්ත ව්‍යාපාරවලට හොඳ පසුබිමක් හැදුනානම් ව්‍යවසායකයෝ බිහිවෙනවා. කිසිම දෙයකට සැලසුමක් නැති රටක ඕක විතරක් හරි යාවිද. රට කරවන තැන ඉන්නේ ලියුමක් වත් ලියාගන්න බැරි උදවිය. එතනිම්ම වැරදිලා තියෙන්නේ.!!
ළඟ ඉන්න චීනා ලස්සනට වැඩේ කරලා දෙයි.
අපි දන්නා කියන කාලේ, ඔය ලාෆ්ස්,සොෆ්ට්ලොගික්, ධම්මික වගේ කිහිප දෙනෙක් ඇවිල්ල ඉන්නවා.ව්‍යවසායක සංවර්ධන පාඨමාලා,ණය ක්‍රම තියෙනවා,කාර්මික සංවර්ධන මණ්ඩලය, කුඩා ව්‍යවසායක මණ්ඩල තියෙනවා ව්‍යවසායන් නැහැ.මේවා ගැන ටොන් ගානක් සමීක්ෂණ වාර්තා ඇති.නිලධාරීන්ට වැටුප් ගෙවනවා.වැඩක් වෙලා නැහැ.ඇත්තටම මේවා ගැන හොයන්න ඕන කමක් ඇත්තෙත් නැහැ.රටම ඔහේ යනවා.අලුත් පරපුර ඉගෙන ගන්නේ කොහොම හරි රට යන්න.එකත් හරි රටේ කර්මාන්ත ව්‍යාපාර නැතිනම් මොකක් කරන්නද!
ඔය බුද්ධිමතුන් කියන වෘත්තිකයින්ට බැරිද තමන්ගේ ඉල්ලීම් වලට පඩියයයයි,පර්මිට් වාහනෙයි ඉල්ලනගමන් තව තව කර්මාන්ත පටන් ගනියෝ!!! කියල ඉල්ලන්න?
ව්‍යවසායකයින් පිළිබඳ විස්තරත් අවශ්‍යයි...!