(රංජිත් රාජපක්ෂ)
ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා යුරෝපීය රටවලින් නිකුත් කර තිබු ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කිරිම නිසා යුරෝපිය රටවල ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා පවතින ඉල්ලුම පහළ වැටී ඇති බව උඩරට තේ වතු සමාගම්වල විධායක නිලධාරීහු පවසති.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වතු සමාගම්වල විධායක නිලධාරින් කිහිප දෙනෙකු වැඩිදුරටත් කියාසිටියේ යුරෝපීය රටවල ශ්‍රී ලංකාවේ තේ සදහා විශාල ඉල්ලුමක් පැවති, බවත් එම ඉල්ලුම අභියෝගයක් කරගත් අසල්වාසි තේ අපනයනය කරන රටක් රාජ්‍යය නොවන සංවිධාන කිහිපයක් එක කර ගනිමින් කුමන්ත්‍රණයක්, ආරම්භ කර උඩරට තේ වතුවල සේවය කරන වතු කම්කරුවන්ගේ ආර්ථික තත්වය ඉහළ නැංවිමට සහ වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් සහ සෞඛ්‍යය පහසුකම් ඉහළ නැංවීමට කටයුතු නොකරන බවට බොරු ප්‍රචාරයක් මාධ්‍යය මගින් සහ සමාජ මාධ්‍යය ජාල වලින් එම රටවල ප්‍රසිද්ධියට පත්කර ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබු අදාළ ජාත්‍යන්තර ප්‍රමිති සහතික තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
යුරෝපීය රටවල ශ්‍රී ලංකාවේ තේ මිලදී ගන්නා පරිභෝගිකයන් අදාළ ප්‍රමිති සහතික තේ පැකට්වල සඳහන් නොකිරිම නිසා ශ්‍රී ලංකාවේ තේ මිලදී ගැනීම එම පාරිභෝගිකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.
ඇමරිකාව විසින් ඉරානයට ආර්ථික සම්බාධක පැනවීම මත ඉරානයට ශ්‍රී ලංකාවේ තේ අපනයනය නොකිරිම නිසා උඩරට සහ පහතරට නිෂ්පාදිත තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරිමේදී සෑම වෙන්දේසියකම 30% ක තේ ප්‍රමාණයක් අලෙවි නොවීම මත එම තේ තොග තේ කර්මාන්තශාලාවල ගබඩා කර තිබෙන බවත් එම වතු සමාගම්වල විධායක නිලධාරීහු කියා සිටිති.
පවත්නා තත්ත්වය මත ශ්‍රි ලංකාවේ තේ කිලෝවක් සදහා දැනට රු 400 සිට 500ක මුදලක් වෙන්දේසියෙන් ලැබෙන බවත්, එම මුදල තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා වැය වන පිරිවැයට වඩා අඩු නිසා තේ වතු සමාගම් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වතු සමාගම්වල විධායක නිලධාරීහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලනයක් නැහැ.. බලය වෙනුවෙන් පත් වෙච්ච දවසේ ඉඳන් කුලල් කා ගන්නා තකතීරුවන් ටිකක් මේ රටේ ඉන්නේ. රටේ හැමදේම පරිහානියට පත්වෙලා. සමහර පාලකයන් මේ රටට සම්බාධක දානවයි කිව්වම, තමන්ව විදුලි පුටුවල ඉන්දවනවයි කිව්වම, දෙමල ඩයස්පොරවෙන් රටේ නාමය කෙලෙසනවයි කිව්වම ඒවා ඡන්දය දිනන මාතෘකා කරගත්තා.. තවත් අය මේ රටේ ජාතිවාදය, ආගම්වාදය ගැන රටේ මිනිස්සුන්ව බය කරලා බටහිර රටවල් එක්ක රට පාවලා දෙන්න කුමන්ත්‍රණය කළා. මෙහෙම රට වෙනුවෙන් ඇවිත් ඒ රටම පාවලාදෙන පාලකයින් එක්ක සියල්ලම අසාර්ථකයි. මිනිස්සු ගොනාට ඇඳගෙන ඉන්න නිසා කරන්න දේකුත් නැහැ.
දැන් ඉතින් තේ දළු කඩන අයට ඒවා කන්න තමා වෙන්නේ... රටේ ප්‍රශ්න ඇති කරන මේ එන්.ජී.ඕ. කාරයෝ ඔක්කොම ටික මුහුදට දාන්න ඕනේ...
මේ කතා කරන්නේ සමාගම්වල පැත්තෙන්. වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ගැන අඩු හෝ වැඩි වශයෙන් එහි ඛේදාන්තය ගැන ලෝකෙට කිව්වම මේ වගේ දේවල් වෙනවා. සරලව කිව්වොත් අර පඩි වැඩි කරන ප්‍රශ්නෙදි ඔවුන්ගේ ජීවන තත්ත්වය ගැන ලෝකෙට කිව්වම මේ තේ නිපදවන්නේ මෙහෙමද කියනා ප්‍රශ්නය පැණ නගිනවා. එක්කෝ වතු කම්කරුවන්ට වැඩි පහසුකම් දීලා වැඩි මුදලට තේ අලෙවි කරන්න වෙනවා. එතකොට යුරෝපයේ කෙසේ වෙතත් අනෙක් රටවලට තේ විකුණගන්න ලැබෙන්නේ නෑ, ඉහළ මිල නිසා. එහෙම නැත්නම් මේ තියෙන තත්ත්වයෙන්ම තේ සඳහා වෙනත් වෙළෙඳපොළක් හොයාගන්න වෙනවා.
මෙහි වෙනස් පැත්තක් ඇත. ලංකාවේ ප්‍රමිතියක් නැති කසල තේ කොහොමද පිටරට ප්‍රමිතියක් තියෙන්නේ. පුවත්පත්වල කිදවසක් තිබුනාද කන්ටේනර් ලෝඩ් ගණන් කසල තේ ප්‍රවාහනය කර අසු උනා කියලා. තව ප්‍රමිතියෙන් බාල තේ කොපමණ ප්‍රමාණයක් පිටරට වලදී ශ්‍රේණි ගත කිරීම්වලදී නිෂ්ප්‍රභා කලාද? එම ක්‍රියාවන්ගෙන් මුළු රටම අපකීර්තියට ලක් නොවුනාද? කිසිම ආයාතනයක් කසල තේවලට ප්‍රමිති සහතිකයක් නිකුත් කරයිද? සේවක ජීවන රටාව ඉහල තත්වයකට ගෙනෙන එක ගැන කතා කරන ඔය කියන අනිකුත් තේ නිපදවන රටවල සේවක ජීවන රටාව ඉහලද? එන් ජි ඕ කාරයින්ට පමණක් මෙහි වරද පැවරිය හැකිද? තම තමන්ගේ වැරදි වලට එම වැරදි නැවත නොවෙන ආකාරයට ගත්තු පියවරවල්? වතු කම්කරු සංගම් නිලතල උසුලන අය කරනුයේ තම සුඛවිහරණය ගැන සිතීම පමණි. ප්‍රශ්න මාලාවකට විසදුම් සෙවිය යුත්තේ ආනයනය කරන රටවල් නොවේ.
ලංකාවේ අපට ලැබෙන්නේත් වැඩිහරියක්ම කසල තේ තමයි. කී දෙනෙක් නම් ලෙඩ රෝගවලට ගොදුරු බවට පත්වෙනවා ඇද්ද?
කසල තේ කෙලින්ම පොහොරවලට ගන්න ඕනේ... ආයතන පරීක්ෂණ කරලා ඒවාට ක්‍රම හදන්න ඕනේ.. අම්මා, තාත්තා විකුණන රටක කසල තේ විකුණන එක ගැන අහන්න ඕනේ නෑ.. රටේ දියුණුවට රාජ්‍ය ආයතන වල දායකත්වය 0යි.
කසල තේ ප්‍රවාහනය තහනම් කරන්න ඕන. ප්‍රවාහනය කරන වාහන රාජ සන්තක කරන්න ඕන. කසල තේ කර්මාන්ත ශාලා පරිශ්‍රමයේදීම විනාස කල යුතු නීති පැනවිය යුතුයි
අගය එකතු කල නිෂ්පාදනයක් ලෙස තේ වෙළඳපොළට යවන්න අපිට තවම බැරි වුනා. රසගැන්වූ දියර තේ වෙළඳපොල තවම අපි හිතලවත් නැහැ. සමාගම් කීපයක් කුඩා පරිමාණයෙන් කරනවා විතරයි. ඒවා හරිම ඉහල තත්වයෙන් තියෙනවා. මේ වගේම පොල් වතුරෙන් බ්‍රැන්ඩි හදන්න පුළුවන් ව්‍යාපෘති තියෙනවා. මතට තිත කියලා පිටරටින් හොරෙන් එතිල් ඇල්කොහොල් ගෙනෙන්න ඕනේ හින්ද පසුගිය ආණ්ඩුව කලේ ඒවා යට ගැහුවා. දැන්වත් ඒවාට උදව් දීලා විදේශ විනිමය හොයමු. තේ දල්ලයි, රබර් ශීට් එකයි කපපු පොලුයි පිටරට යවන්න ඕනේ කම්කරු මානසිකත්වය. ඊට එහා ගිය උගත් සමාජයක් අද අපිට තියෙන්නේ ඕනේ.
දැනට දශක 2කට පෙර දළුවල ප්‍රමිතිය 45%_50% අතර පැවතුණු අතර එය 60% ප්‍රමිතියට ලබාගැනීම සදහා ඒ දිනවල ප්‍රධාන තේ කොමසාරිස් වරුන් විසින් විශාල වශයෙන් වැඩ සටහන් දියත් කරන ලදි. 2025 වන විට තේ දළු වල ප්‍රමිතිය 35%___20% මට්ටමක පවැති දළු හිමියන්ට 21.50% මිලසූත්‍රය නැවත සමහර මාස වලට 20.50% ගැනිම නිසා දළු මිල පහත වැටී ඇත. දළු කඩා ගැනිම සදහා සේවක හිගය බල පා ඇත. තේ වියළීමේදී 220f දැන් 240-260f දක්වා ඇත. මේ නිසා විදේශ වෙළෙද පොලේ ශ්රී ලංකා තේ සදහා අඩු ඉල්ලුමක් ඇත. CTC තේ කම්හල් වල නිෂ්පාදිත තේ නිසා (කසල තේ යම් ප්‍රතිශතයක් කවලම් කරන නිසා ශ්රී ලංකා තේ වල ඉල්ලුම අඩු වී ඇත. ප්‍රධාන කරුණ වන්නේ වියළීම සදහා 90% බාවිතා කරන තේ වියලන ලිප්වල තට්ටු වල සිදුරු 3.00 mm නොතිබිම නිෂ්පාදනයේදී තේ දළු සමග තහනම් දේ කවලම් කිරීම නිසා. තේ මිල පහත බසියි...