ශ්‍රී ලංකාව දකුණු ආසියාවට මෙන්ම ලෝකයට ගණකාධිකාරීවරුන් සහ වෘත්තීයවේදීන් බිහිකරන ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය දෙන බව ජාත්‍යන්තර ගණකාධිකරණ සම්මේලනයේ සභාපති ඉන් කි ජූ මහතා කොළඹදී පැවැසීය.
ශ්‍රී ලංකාව දැනටමත් දකුණු ආසියාවට ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ශිල්පීන් සහ වෘත්තීයවේදීන් බිහි කරන ප්‍රමුඛ රටක් බවත් 2020-2030 දශකයේදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවට පමණක් නොව සමස්ත ලෝකයටම ගණකාධිකරණ ශිල්පීන් සහ වෘත්තීයවේදීන් බිහි කරන ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය සම්පූර්ණ සහාය දෙන බවත් හෙතෙම කීය.
උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවීමෙන් පසු ඔහු එම කරුණු කීවේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගණකාධිකරණ සම්මේලනයේ සභාපති ඉන් කි ජූ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඉකුත් දා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය.
යුනෙස්කෝ ආධාර මත ඉදි කරන ලද දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානය ආශ්‍රිතව කලාපයේම දරු දැරියන්ට වාණිජ, ගණකාධිකරණ සහ ව්‍යවසායකත්ව විෂයවලට අදාළව ගුරු පුහුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට ද ඉන් කි ජූ මහතා මෙහිදි එකඟතාව පළ කළේය.
ජාත්‍යන්තර ගණකාධිකරණ සම්මේලනයේ සභාපතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 15ක පසුවය.
උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ගණකාධිකරණ සම්මේලනයේ හිටපු සභාපති සහ වෘත්තීය ගණකාධිකරණ සංවිධාන සංවර්ධන කමිටුවේ සභාපති අර්ජුන හේරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
055
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්රී ලංකාව ගණකාධිකාරීවරුන් බිහිකරන මධ්‍යස්ථානයක් කිරීමට සහාය දෙනවා
Chathuri Friday, 24 January 2020 10:15 PM
මුළු ලෝකෙම ගොඩදාගන්න උදව් කරන්න... නමුත් මේ උගතුන් පිරි මව්බිම වලපල්ලට යන එක මොවුන්ට නොපෙනෙන්නේ ඇයි? පොතේ දැනුම තිබුණට මදි වටපිටාවේ වෙන දේත් හොයලා බලන්න ඕනෑ. මහ දවල් බැංකු මංකොල්ල කනවා රටේ ලොක්කෝ.., අනුන්ගේ රටවලට ගණකාධිකාරවරුන් බිහි කරන්න හදනවා. හරියට රනිල් ලෝකෙ වටේයනවා.. නායකයින්ට සම්මේලන පවත්වන්න. තමන්ගේ රට හිඟාකනවා. මේවා ලියලා වැඩක් නැහැ. අපේ රටේ කෙරුවාව චිත්‍ර පටියකට හදන්න ඕනෑ...
mahinda Sunday, 26 January 2020 01:23 AM
රුපියල් 2500 මාසික වැටුප හා වියදම් සමීකරණය පෙන්නන්න පුළුවන් අය ඉස්සෙල්ලා බිහිකරවන්න.
සමන් කුමාර Monday, 27 January 2020 05:31 AM
ඉන් කි ජූ මහතා කියපුව තේරුණාද දන්නේ නෑ.
kap Tuesday, 28 January 2020 10:38 AM
අර වගේ නම් තියෙන අයද?
ලුම්බිණි Wednesday, 29 January 2020 12:08 AM
ඉස්සර වෙලා තමන් ගණන් ඉගෙන ගන්න.
Perera Saturday, 01 February 2020 11:13 PM
දැනට ඉතින් ජාවාරම්කාරයෝ බිහි කරන මධ්‍යස්ථානයක්නේ.
vidya Thursday, 20 February 2020 07:25 AM
වැඩේනම් හොඳයි. ගනන් කරන්න කාසි නැනේ. වැලි ඇට තමයි ගණන් කරන්න තියෙන්නේ.