
ලංකා වාණිජ මණ්ඩලය සහ ඉන්දියාවේ සුරත්හි, දකුණු ගුජරාට් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය (SGCCI) අතර පැවැති අවබෝධතා ගිවිසුම අලුත් කිරීමට පියවර ගත් බව පවසයි. ඒ අනුව මෙය ශ්‍රී ලංකාව සහ ගුජරාට් අතර ව්‍යාපාරික සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා කැපවීම නැවත තහවුරු කිරීමක් බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.
SGCCI ව්‍යාපාරික දූත පිරිසක් කොළඹට කළ සංචාරය අතරවාරයේදී මෙම ගිවිසුම් වෙත අත්සන් තැබීම සිදු කර ඇත. මෙහිදී ලංකා වාණිජ මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ SGCCI සභාපති අශෝක් ජිරාවාල යන මහත්වරුන් මේ සඳහා අත්සන් තබා තිබේ.
මෙම දූත පිරිස රෙදිපිළි සහ ඇඟලුම්, රෙදිපිළි ද්‍රව්‍ය, ඇඟලුම් උපාංග, නිෂ්පාදන සහ කාර්මික නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ, අපද්‍රව්‍ය කළමනාකරණය සහ අපද්‍රව්‍ය - බලශක්තිය, තොරතුරු තාක්ෂණය, කුළුබඩු සහ සැකසූ ආහාර ඇතුළු පුළුල් පරාසයක කර්මාන්ත නියෝජනය කර තිබේ.
විශේෂයෙන්ම මෙම වෙළෙඳපොළ දෙකෙහිම ව්‍යාපාර වෙළෙඳාම, ආයෝජන සහ වාණිජ හවුල්කාරිත්ව සඳහා වඩාත් නිශ්චිත අවස්ථා දෙස අවධානය යොමු කිරීම මෙම ගිවිසුම් අලුත් කිරීමට හේතුව වී තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම අලුත් කිරීමත් සමග, දෙපාර්ශ්වයේම වාණිජ මණ්ඩල විසින් ව්‍යාපාර අතර සබඳතා ගොඩනැගීමට පහසුකම් සැලසීම, වෙළෙඳපොළ සහ කර්මාන්ත පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම මෙන්ම, එකිනෙකාගේ වෙළෙඳපොළේ අවස්ථා සොයන ශ්‍රී ලංකාවේ සහ ගුජරාටයේ සමාගම්වලට සහාය වීම අඛණ්ඩව සිදු කරනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd