IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාව-ඉන්දුනීසියාව අතර අවබෝධතා ගිවිසුමක්

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර සාම්ප්‍රදායික කාර්මික සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම ක්‍රියාවට නංවන්න දෙරටේ රජය පියවර ගෙන ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාවේ ජාතික ශිල්ප සභාව හා ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ සමුපකාර සඳහා වන අලෙවිකරණ සේවා නියෝජිතායතනය අතර අත්සන් තබා ඇති මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි යශෝජා ගුණසේකර මහත්මිය සහ  ඉන්දුනීසියාවේ නිෂ්පාදන හා අලෙවිකරණ නියෝජ්‍ය  අමාත්‍ය වික්ටෝරියා සිමානුංග්කලිත් මහත්මිය සමඟද සාකච්ඡා කළ බව එම අමාත්‍යාංශය කියා සිටී.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින සුහද ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අවධානය යොමු කළ අතර, දෙරටේ ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සැපයිය හැකි වන සුළු හා මධ්‍ය  පරිමාණ ව්‍යවසාය අංශයේ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද අදහස් හුවමාරු වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ඉන්දුනීසියාවේ නිෂ්පාදන හා අලෙවිකරණ නියෝජ්‍ය  අමාත්‍යවරිය මෙහිදී ශ්‍රී ලංකා තානාපතිවරිය සමඟ ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ අත්දැකීම් බෙදාහදා ගත් අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍ර පිළිබඳ අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීමටද දෙරටේ ප්‍රධාන නිලධාරීන් අතර වෙබ් ජාලයක් සංවිධානය කිරීමට කැමැත්ත පළ කළාය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා තානාපතිනිය ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ උපාය මාර්ග පිළිබඳව තොරතුරු ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියාවෙන් තාක්ෂණික සහාය ද ඉල්ලා සිටියාය.
 



අදහස් (0)

ශ්‍රී ලංකාව-ඉන්දුනීසියාව අතර අවබෝධතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site