IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවේ අතිසුඛෝපභෝගී ජීවන රටාවට එක් වූ නවතම අත්දැකීම Sapphire Residences

 


දිලිනි උදේශිකා


කොළඹ නගරයේ පිහිටි අධි සුඛෝපභෝගී මහල් නිවාස අතරට අලු‍තින්ම එක් වන විස්මිත ඉදිකිරීමක් ලෙස Sapphire Residences එක් විය. සුන්දර ගාලු‍ මුවදොර පරිශ්‍රයට මුහුණලා පිහිටා ඇති මෙම දැවැන්ත ගොඩනැගිල්ල, මෙරට අති සුඛෝපභෝගී තට්ටු නිවාස ක්ෂේත්‍රයේ නව යුගයක් ඇරඹීමට සමත් ව්‍යාපෘතියක් ලෙස ද හඳුන්වා දිය හැකිය. එමෙන්ම, සුඛෝපභෝගී තට්ටු නිවාස සම්බන්ධයෙන් ලංකාව ජාත්‍යන්තර තලයේ කැපී පෙනෙන ගමනාන්තයක් ලෙස සලකුණු කරන්නට ද මෙම නව ඉදිකිරීම හේතු වී ඇත.

ITC Hotels Limited පූර්ණ අනුබද්ධිත ආයතනයක් මෙන්ම ජාත්‍යන්තර කීර්තියක් දිනූ ITC සමූහයට අයත් සමාගමක් වන WelcomHotels Lanka (Private) Limited විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත. Sapphire Residences යනු තිරසර බව ඉලක්ක කරගත් විධිමත් සැලසුමක් අනුව නිර්මාණය වූ, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහ අති සුඛෝපභෝගී ජීවන රටාව එකට අත්විඳිය හැකි අසමසම මහල් නිවාස අත්දැකීමකි.

මුහුදු තීරය සහ බේරේ වැව අතර පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල, ත්‍රිකෝණාකාර හැඩයෙන් නිර්මාණය වී තිබීම මෙහි බාහිර පෙනුම සම්බන්ධයෙන් ඇති ප්‍රධානතම විශේෂත්වයයි. උතුරු සහ දකුණු පැති සාගරය දෙසටත්, නැගෙනහිර පස වැව සහ නගරය දෙසටත් මුහුණලා ඇති අයුරින් ඉදිවී ඇති නිසා ගොඩනැගිල්ලේ සිට පෙනෙන සෑම අන්තයක්ම ඉතා මනස්කාන්ත දසුනක් මවන්නට සමත්ය. 

මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියේ සැලසුම සහ ඉදිකිරීම් සංකල්පය නිර්මාණය සඳහා WelcomHotels Lanka සමඟ Gensler ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ආයතන කිහිපයක් සම්බන්ධ විය. කීර්තිමත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පියකු වන සුරත් වික්‍රමසිංහ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වූ අතර, YOO Inspired by Philippe Starck (එක්සත් රාජධානිය) ඇතුළු ගෘහ අලංකරණ ශිල්පීන්, Thornton Tomasetti (එක්සත් ජනපදය) හි ව්‍යුහ ඉංජිනේරුවන්, Burega Farnell (සිංගප්පූරුව), පාලන අවදානම් පිළිබඳ ආරක්ෂක උපදේශකවරුන් සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සැලසුම් සහ තාක්ෂණික උපදේශක කණ්ඩායම් රැසක් ද මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූහ.

Sapphire තට්ටු නිවාස සංකීර්ණය සුඛෝපභෝගී නිවාස 132කින් සමන්විත වන අතර, ‘Sky Mansion’ හෙවත් ‘අහස් මන්දිර‘ යන තේමාව යටතේ නිර්මාණය වූ මෙම සෑම නිවසක්ම සුඛෝපභෝගී බව, සුවපහසුව සහ පෞද්ගලිකත්වය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරමින් සැලසුම් කර ඇත. ගෙබිම සිට සිවිලිම දක්වා සාමාන්‍ය උස මීටර් 4 ක් සහ වර්ග අඩි 5,500ක පමණ සාමාන්‍ය වපසරියක් එක් නිවසකට අයත් වේ. සාගරයත්, වැවත්, අගනුවර අහසත් යන මනරම් දර්ශන තල තුනකට මැදි වූ Sky Mansions අවකාශය නාගරික තදබදයෙන් මිදුණු, සන්සුන් ජීවන අත්දැකීමකට ඉඩ සලසන ඉදිකිරීමකි. එමෙන්ම, නවීනත්වය, විවෘත බව හා වාතාශ්‍රය පිළිබඳව ද මනා අවබෝධයකින් යුතුව මෙම නිවාස සංකීර්ණය සැලසුම් කොට තිබීම විශේෂත්වයකි.

Sapphire පදිංචිකරුවන් සඳහාම විශේෂිත සමාජ ශාලාවක්, පිහිනුම් තටාක, ශරීර සුවතා කලාප, විනෝදාස්වාදය සඳහා ස්ථාන, ගෘහස්ථ ස්කොෂ් පිටියක්, බහුකාර්ය පිටියක් මෙන්ම ළමයින් සහ තරුණ පිරිස් සඳහා වෙන් වූ විශේෂ ඉඩ කඩ ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ සුවතා සහ ජීවන රටා පහසුකම් රැසක් ද භුක්ති විඳීමේ අවස්ථාව ඇත.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ අතිසුඛෝපභෝගී ජීවන රටාවට එක් වූ නවතම අත්දැකීම Sapphire Residences

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site