සිංගප්පුරුවේ පැවති පස් වෙනි ආසියානු විශිෂ්ටතම සේවායෝජක වෙළඳ නාම සම්මාන උළෙලේ දී විශිෂ්ටතම ව්‍යාපාර උපාය මාර්ග සම්මානය සදහා වූ විශිෂ්ටතම මානව සම්පත් මූලෝපාය සඳහා සම්මානය හිමිකරගැනීමට ශ්‍රී ලංකන් ගුවන්සමාගම සමත් විය.
ගුවන් සමාගමේ මානව සම්පත් සඳහා කාර්ය නියැළීමේ සහ සංවර්ධන උපාය මාර්ග යටතේ දියත් කළ ක්‍රියාමාර්ග මෙහිදී ඇගයීමට ලක්විය.
මෙම සම්මාන උළෙල සඳහා අනුග්‍රහය දැක්වූයේ සේවායෝජක වෙළඳ නාම ආයතනය ,ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනය සහ ස්ටාර්ස් ඔෆ් ද ඉන්ඩස්ට්‍රි ගෘප් යන ආයතන විසින් වන අතර ආසියාවේ ව්‍යාපාර සන්ධානයේ අනුමැතිය ද ඒ සඳහා හිමිව තිබේ.
ගුවන් සමාගම මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ මානව සම්පත් සංවර්ධන දැක්ම, නව්‍යතා සහ අගය එකතු කිරීම යන එහි ක්‍රියාශීලී මානව සම්පත් උපාය මාර්ග තුළින් ගුවන් සමාගමේ ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ පුද්ගලයන්ගේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීමයන සාධක පදනම් කර ගැනීමෙනි.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ගුවන් සමාගම සතු ප්‍රධාන සම්පතක් වන්නේ එහි කාර්ය මණ්ඩලය බවයි.
මෙම සම්මානය ගුවන් සමාගමේ අරමුණු සාක්ෂාත් කර ගැනිම සඳහා සියලු සේවකයන්ගේ කැපවීම, උත්සාහය සහ වෘත්තීය දක්ෂකමේ ප්‍රතිඵලයක් ලෙස හිමිවූ බව ඒ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි කපිල චන්ද්‍රෙස්න මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙවැනි ගෞරවයකට පාත්‍ර වීම පිළිබඳව ආඩම්බර වන බවත් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ සැබෑ හැකියාවන් ඉදිරිපත් කිරීමට සුදුසු ක්‍රියාශීලී පරිසරයක් ගොඩනැගීමට ඇති කැපවීම මෙයින් පෙන්නුම් කරන බවත් ය.
ගෝලීය වශයෙන් ප්‍රමුඛ සේවාවක් ලබා දෙන ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි උසස් සේවා ලබාදෙන්නන් ඇගයීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන අතර අනාගත කළමනාකරණ සහ නායකත්ව අවශ්‍යතා සඳහා පහසුකම් සැලැසීමටත් කටයුතු කර ඇත. තවදුරටත් ගුවන් සමාගම දැනුම කළමනාකරණ පද්ධතියක් පවත්වා ගනිමින් ව්‍යාපාර වර්ධනය සඳහා අවශ්‍ය දැනුම හුවමාරු කිරීමට කටයුතු කරයි. නිෂ්පාදන වැඩිදුයුණු කිරීමට සහ සේවක දැනුම සඳහා නොයෙකුත් උපාය මාර්ග දියත් කිරීමට ද ගුවන් සමාගම කටයුතු කර ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුලාවල මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සමාගමට මෙවැනි සම්මානයක් හිමිවීම අප ලද විශිෂ්ඨ ජයග්‍රහණයක්. එසේම මෙම සම්මානය තුළින් විදහා දක්වන්නේ අප විසින් අනුගමනය කරන ලද විවිධ උපාය මාර්ග තුළින් දිරිමත් වූ, කාර්යශීලී සහඵලදායී සේවක පිරිසක් පවත්වා ගැනීම තුළින් ගුවන් සමාගමේ ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීමේ වැඩපිළිවෙලයි.පසුගිය වසර 3 පුරාවටම මානව සම්පත් සංවිධානය අත්‍යවශ්‍ය වූ ව්‍යාපාර අංගයක් බවට පත්ව ඇත.අප ගුවන් සමාගමේ තේමාව මෙන්ම මූලික ඉලක්කය වන්නේ නව්‍යකරණය, ඵලදායීතාව, සේවක කාර්ය නියැළීම සහ ගුවන් සමාගමේ සම්පත් උත්පාදනය සඳහා පහසුකම් සැලසීම වේ. මේ වන විට අප බොහෝ දුරකට අප මෙම ඉලක්ක සපුරාගෙන ඇත. මානව සම්පත් කණ්ඩායමට මෙන්ම ගුවන් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිළධාරීතුමාගේ නිසි මගපෙන්වීම සහ දිරිමත් කිරීම වෙනුවෙන්ද සියලුම අංශ ප්‍රධානීන්ගේ සහයෝගයද ශ්‍රීලංකන් සේවක පවුලේ සියලු සමාජිකයින්ගෙන් ලද නොමද අත්වැළනිසා මේ සම්මානය හිමිවීම පිළිබඳ මම ස්තූතිවන්ත වෙමි.ඔවුන්ගේ කැපවීම මෙම සම්මානය සඳහා සැබවින්ම හේතු විය.”
තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම ප්‍රකාශ කර සිටියේ ලබන වසර තුන තුළදී මානව සම්පත් සංවර්ධන සඳහා විශිෂ්ඨ අංග ඇතුළත් කරමින් සමාගමේ සේවකයන් සඳහා නායකත්වය සහ හැකියා සංවර්ධනයට අතහිත දෙමින් ආසියාවේ ප්‍රියතම ගුවන් සේවය බවට පත්වීමේ අරමුණ ශ්‍රීලංකන් ඉදිරි ගමනේදී ලබාගැනීමට කටයුතු කරන බවයි.
මෙම සම්මානය පිළිගැන්වීම සඳහා විනිශ්චය ලබා දීමට ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ සභාපති මයිකල් මැක්ඩොනල්ඩ් මහතා ද ආසියා ශාන්තිකර කලාපයේමානව සම්පත් සංවර්ධන සම්මේලනයේ ගෝලීය සභාපති මහාචාර්ය ටොම් හිල්ටන් මහතා ද නිදහස් සහ කළමනාකරණ අධ්‍යාපන පදනමේ සභාපති සහ ඉන්දියාවේ ප්‍රධාන මානව සම්පත් නායිකාවක වන මහාචාර්ය ඉන්දිරා පාරික් මහත්මිය ද සහභාගී වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (දී)
රටට හොදක් නම් එච්චරයි (දී)
නියමයි (දී)
නියමයි (දී)
නියමයි (දී)
නියමයි (දී)
නියමයි (දී)
ජයවේවා ජයවේවා (දී)
රටට හොදක් (දී)
නියමයි (දී)
නියමයි (දී)
සන්තෝසයි නියමයි (දී)
කොයි තරම් හොදද (දී)
නියමයි (දී)
නියමයි (දී)
අසාවෙ බැහැ (දී)
රටට නම්බුවක් (දී)
රවීන්, එතුමා සාමාන්‍ය පෙළත් සමත් නෑ.(අ)
ශ්රී ලංකන් ගුවන් සේවය හෝ අනෙක් කවරුන් උඩගියත් කමක් නැහැ රටේ ආර්ථිකය වලපල්ලට නොයවා. (නදී)
ශ්රී ලංකන් ගුවන් සේවය හෝ අනෙක් කවුරුන් උඩගියත් කමක් නැහැ රටේ ආර්ථිකය වලපල්ලට නොයවා..! (අ)
මෙහෙම දෙයක් මම මේ ඇහුවමයි. (නි)
දිගටම පාඩු ලබන්නත් උපාය මාර්ග ඕන වෙනවා කියල අහපු පලවෙනි වතාව. (ස)
මේගොල්ලෝ කොච්චර උඩගියත් දකුණු අප්‍රිකාවට යන්නේ නැතුව ලාබ ලබන්න බැහැ (නි)
මරු තව සම්මාන දෙක තුනක් ගත්තාම නම් පාඩුව ඩබල් වෙයි (නදී)
ඒඋනාට ලාබ ලබන ආයතනයක් බවට පත් කරන්න බැහැනේ හැමදාමත් පාඩු ලබනවලු..(නදී)
බොහොම සන්තෝෂයි! (නි)
මට නම් හිතාගන්නවත් බැහැ. හරිම සතුටුයි (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
කොච්චර උඩ ගියත් අඩුපාඩු නිවැරදි කරගන්න අමතක කරන්න එපා (නි)
වැඩේ තියෙන්නේ හැමදාම පාඩු පිට තමයි උඩ යන්නේ. (නදී)
විශිෂ්ටතම ව්‍යාපාර උපාය මාර්ග තිබෙන මේ සමාගම අවරුද්දකට රුපියල් කෝටි කීයක් පාඩු ලබනවද කියලා දන්නා කෙනෙක් කියන්නකෝ (නදී)
ඇගයීමට ලක්වීම ගැන සතුටුයි. තව දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)
සිංගප්පුරු ගුවන් සේවය ආදර්ශයට ගන්න. හරිම සුහද ශීලී ගුවන් සේවයක්. (නදී)
මහත්තයෝ ඔබතුමාගේ සබාපති කම යටතේ 2012 මුදල් වර්ෂයේදී පාඩුව රුපියල් කොටි 2050 යි. 2013 දී පාඩුව රුපියල් කොටි 2882. ( මහා භාණ්ඩාගාර වාර්තාවෙන් උපුටා ගන්න ලදී ) , ඔය සමාගමේ පාඩුව පියවන්නේ අපේ බදු සල්ලි වලින් , මෙහෙම තිබෙද්දී සමාගමේ සල්ලි වියදම් කරගෙන ඔය උත්සවයට යන්න ඔබතුමාලට ලජ්ජා නැද්ද? (නදී)
මෙහෙම වෙන්න පුලුවන්ද? (නි)
සංවිධානය කරපු අයට යම් කිසි වැරදීමක් සිදු වෙලාද.......? (ස)
මේක නම් අදහාගන්නවත් බැරි ආරංචියක් (නි)
ගුවන් සේවයේ සභාපති තුමාගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවේදී කීවානේ. සාමාන්‍ය පෙළ. ඉතින් අනිත් අයගේ කොහොම ඇතිද...?(අ)
ඇත්තද (දී)
හැමදාම පාඩු පිට (දී)
කොච්චර හොඳද? (නි)
කාටද ආඩම්බර (දී)
රටට ජයවේවා (දී)
තවත් ඉහලටම යන්න (දී)
ලෝකෙම ඇස ඇරෙනවා (දී)
අපිට අපේ දේ වටින්නේ නැහැ (දී)
ආර්ථික වාසි ඇති වෙනවා (දී)