IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් රැහැන් රහිත විනෝදාස්වාද පහසුකම්

ශ්‍රී ලංකන් ගුවන් සේවය තෝරාගත් සිය narrow-body-A320  මාදිලියේ ඇතැම් ගුවන් යානා සඳහා රැහැන් රහිත (wireless)  නව විනෝදාස්වාදය පහසුකම් හඳුන්වා දී ඇත. ඒ අනුව මගීන් ‍රැගෙන යන උපාංග ඔස්සේ ප්‍රියතම චිත්‍රපට, සංගීතය සහ තවත් බොහෝ දේ ගුවන් යානය තුළ දී ගමන පුරාවට බාධාවකින් තොරව රසවිඳීමට හැකි වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිණී මරියා සතාසිවම් මෙසේ අදහස් දැක්වීය. “මෙම කලාපයේ හොඳම ගුවන් සේවා විනෝදාස්වාදය ඇති ගුවන්සේවය ලෙස සම්මානලාභී ශ්‍රී ලංකන් ගුවන්සේවයේ හි විනෝදාස්වාද අංගයන් නව්‍යකරණය කරමින් අපගේ ගුවන් මගීන් වෙත රැහැන් රහිත  (wireless)  විනෝදාස්වාද පහසුකම හඳුන්වා දීම ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව හැරවුමක්. නවෝත්පාදනවලින් අපගේ ගුවන් මගීන් වෙත සෑම විටම සුවපහසු ගුවන් අත්දැකීමක් ලබ දීම අපගේ අරමුණයි. රැහැන් රහිත නව විනෝදාස්වාද පහසුකම හඳුන්වා දීම අරමුණ කරා අප යන ගමනෙහි තවත් එක් පියවරකි.”
ගුවන් මඟීන්ට සිය ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් හෝ ලැප්ටොප් භාවිත කරමින්, ගුවන් සේවයේ Wi-Fi  ජාලය වනSkyPlus හරහා අසුන් පසුපස තිර අවශ්‍යතාවකින් තොරව, ගුවන් සේවයේ විනෝදාස්වාද පද්ධතිය වෙත ප්‍රවේශ වීමට සහ බාධාවකින් තොරව නැරඹීමට හැකියාව ඇත. Everhub තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම නවතම පහසුකමෙන් මගීන්ට තමන්ගේ රුචිකත්වය අනුව ගුවන් සේවයේ විනෝදාස්වාද පද්ධතිය වෙත ප්‍රවේශ වී තෝරාගැනීම් සිදුකළ හැක.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විනෝදාස්වාද පද්ධතිය නවතම හොලිවුඩ් බ්ලොක්බස්ටර් මෙන්ම ශ්‍රී ලංකාව, දකුණු ආසියාව සහ අනෙකුත් කලාපීය ජනප්‍රියතම චිත්‍රපටවලින් සමන්විත වේ. ක්‍රියාදාම, හාස්‍ය, නාට්‍ය, වික්‍රමාන්විත, සජීවිකරණ, ළමා, සංගීතමය, විද්‍යා ප්‍රබන්ධ සහ ක්‍රීඩා ඇතුළු විවිධ පරාස ආවරණය වන පරිදි ජනප්‍රිය චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් තමන්ගේ රුචිකත්වය අනුව තෝරාගැනීමට ගුවන් මගීන්ට අවස්ථාව හිමි වේ. මීට අමතරව ජාත්‍යන්තර ජනප්‍රිය ගීතවල සිට දේශීය සම්භාව්‍ය ගීත ඇතුලත් 100 කට අධික ගීත ඇල්බම් අතුරින් තමන් කැමති සංගීත රසවිඳීමට ද හැකියාව ලැබේ.

 



අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් රැහැන් රහිත විනෝදාස්වාද පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site