ශ්රී ලංකන් ආයතනයට අලුතින් ගුවන් යානා හතක් මිලට ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක අද (2) තොටළඟ සංඝබෝධි විදුහලේ පැවැති උත්සවයකදී පැවසීය.
ඇතැම් අය එවැනි දේ විවේචනය කළ ද පාඩු නොලබා එම ආයතන පවත්වාගෙන යෑමට නම් එසේ කළ යුතු බවද මුදල් ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයිනේ.(හේ)
ටික දවසකට කලින් කිව්වා නේද ගිය ආණ්ඩුව ඕඩර් කළ ගුවන්යානා ගන්න සල්ලි නැති නිසා ඕඩර් කැන්සල් කරලා කොටි ගානක් අධිබාරත් ගෙව්වා කියලා. දැන් කියනවා ගුවන් සේවය පවත්වාගන්න අලුත් ගුවන්යානා ගන්නවා කියලා. කාවද රවට්ටන්න හදන්නේ. හිතාගෙන ඉන්නේ ජනතාව මෝඩයෝ කියලද. (නි)
කලින් ඇණවුම් කළ දුරගමන් යන ඒ350 යානා අවලංගු කිරීමේ ගාස්තු ගෙවා ඒවා නොගෙන්නනවා කියලත් කිවුවා නේද? (නි)
පසුගිය රජය ඇනවුම් කළ යානා පහක් මිලදී නොගන්න තීරණය කිරීම හේතුවෙන් ගෙවන්නන වුණා කියන රුපියල් කෝටි 2500 දඩය මොකද්ද එතකොට (ම)
විකුණන්න කලින් තමන්ටත් යමක් කරගෙන හිටියා නම් හොඳයි කියලා හිතුනාවද්ද? (නි)
ඉක්මනට ගන්න, මීළඟ ඡන්දෙට පෙර. කොමිස් මුදල් ලැබුනොත්,රජයේ රෝහල් වලට සහ පාසල් වලට වියදම් කරන්න. (සිහිනයකි) (නි)
අලුත් ඒවා ගන්න නම් අවුරුදු දෙකකට කලින් ඇණවුම බාරදෙන්න ඕනෑනේ. එතකොට බර ගණනක් මුදලුත් ගෙවන්න ඕනෑනේ. මෙයාලට ඉතුරු ටිකවත් ගෙවාගන්න පුළුවන් වේවිද? (නි)
ඉස්සෙල්ල ආණ්ඩුව ගත්ත අලුත්ම යානා පකිස්ථානයට කුණු කොල්ලෙට දීල වැඩේ පටන් ගත්තේ මේකට තමයි එහෙනම්. අලුත්ම ඒවා ටික නිකම් කුණු කොල්ලෙට දීල දැන් අායෙම අලුතෙන් ගන්නවලු - සැහෙන කොමිස් කන්න පුළුවන් ගනුදෙනුනේ මේවා. ඔන්න රහස! (බ)
අපි තවත් ණය කාරයෝ වෙනවා.(හේ)
කාගෙවත් වෙනසක් පේන්න නෑ වගේ.(හේ)
අන්තිමට රැවටුනේ අපිම තමයි.(හේ)
කලින් අයට බැන බැන මේ අයත් කරන්නේ ඒ දේම තමයි.(හේ)
බලන් යද්දි ඔක්කොම එකයි.(හේ)
විකුණන්න ටෙන්ඩර් කැදවලා රටවල් 12 ක් ඇවිත්ලු මෙන්න අලුත් යානා 7 ක් ගන්න යනවලු.... කොමිස් එක කොහොමද..... . මෙන්න යහපාලන ආණ්ඩුව ක්‍රියා . මිලටද ගන්නේ , බද්දටද ගන්නේ , මේවා ජනතා මුදල් වල අයිතිය හා ඒ තොරතුරු දැනගන්න ජනතාවට අයිතියක් ඇත ..(බ)
විකුනන්න ටෙන්ඩර් කැදවලා රටවල් 12 ක් ඇවිත්ලු මෙන්න අලුත් යානා 7 ක් ගන්න යනවලු....(හේ)
එතකොට ගිය ආණ්ඩුවද මේවා ගත්තේ? (නි)
දැන් ගුවන් යානා ඕනෙත් නෑ නේද?(හේ)
ගුවන් යානා ගන්නකන් විශ්වාස කරන්න බෑ.(හේ)
මිලටද ගන්නේ , බද්දටද ගන්නේ , මේවා ජනතා මුදල් වල අයිතිය හා ඒ තොරතුරු දැනගන්න ජනතාවට අයිතියක් ඇත ..(හේ)
කවදද ගේන්න යන්නේ.(හේ)
රටේ ආරක්ෂාවට හොදයි.(හේ)
අලුත් ගුවන් යානාද? නැත්නම් පාවිච්චි කරපු ගුවන් යානාද?(හේ)
දැන් අපේ රටට ගුවන් යානා විතරද අඩු.(හේ)
කොහොමත් ගුවන් යානා ගන්නේ ණය වෙලානේ.(හේ)
ගේනකන් ෂුවර් නෑ.(හේ)
හතක් වැඩි නැද්ද?(හේ)
තවත් ගුවන් යානා අපිට වැඩක් නෑ.(හේ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
මොකටද අලුත් යානා ගන්න ඕනෑ කියන්නේ? මේ ඔක්තෝබර් මස සිට ප්‍රංශයේ පැරිස් දක්වාත්, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆැට් දක්වාත් සතියකට කිහිප වාරයක් පියාසරකරන ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර නවතා දැමීමට රජය තීරණය කළේ මීට සුළු කාලයකට පෙරයි. අවශ්‍ය නම් අලුතින් යානා මිලදී නොගෙන, අවලංගු කළ මාර්ගවල යෙදවූ යානා මගින් අමතර මගීන් ප්‍රවාහනය කිරීමට බැරිද? මේ ගනුදෙනුවේ කිසිම විනිවිදභාවයක් මම නම් දකින්නේ නැහැ (නි)
අනේ මන්දා, අගමැතිතුමා කියන එකට හාත්පසින් වෙනස් දෙයක් ඇමතිලා කියනවා. බලා ඉන්න අපිට අඬන්න වෙයිද? (නි)