|
- ආචාර්ය හර්ෂ ද සිල්වා |
නවතම තොරතුරුවලට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ගමන් කරන ගමනාන්ත 45 න් 31 ක් පාඩු ලබන බව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරකසභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 3.4 ක පාඩුවක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇතැයිද ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම පහත වැටී ඇති බවත් ඉන්ධන පිරිවැයද පහත වැටී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ඩොලර් මිලියන 978 ක වගකීම් සහ රුපියල් බිලියන 51 ක දේශීය මුදල් ණය තිබෙන බවද ඔහු පැවැසුවේය.
පොලී හිග මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ වූ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුවූ බව ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd