IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ශ්‍රී ලංකන් 46 වැනි සංවත්සරයට වට්ටම් - දීමනා රුසක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 46 වැනි සංවත්සරය අදට (01) යෙදී තිබේ. ඒ වෙනුවෙන් තම පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් හා දීමනා එකතුවක් පිරිනැමීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා ඇත. 

ශ්‍රී ලංකන් ගුවන් සේවය යනු ශ්‍රී ලංකාවේ සුන්දරත්වය හා සුහද සත්කාරය පිළිබඳ පණිවිඩය ලොව පුරා රැගෙන යමින්, රට වෙනුවෙන් ගෝලීය තානාපති භූමිකාවක් ඉටුකරන සුවිශේෂී සමාගමකි. සිය ඉතිහාසය පුරා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉදිරියටත්, ජනතාව, සංස්කෘති හා ව්‍යාපාර යා කරමින් තම මෙහෙවර අඛණ්ඩව ඉටුකිරීමට සූදානමින් සිටී. 

මෙම සංවත්සර දීමනා මාලාව යටතේ, 2025 සැප්තැම්බර් 01 සිට 2025 සැප්තැම්බර් 05 දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය හරහා ගුවන් ටිකට් පත් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට Business Class   ටිකට්පත් සඳහා සියයට 20 ක වට්ටමක්ද, Economy Class ටිකට්පත් සඳහා සියයට 15 ක වට්ටමක්ද හිමි වේ. එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාරිභෝගික ළැදියා වැඩසටහන වන FlySmiLes හි සාමාජිකයන්ට, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 46 වන සංවත්සරය සංකේතවත් කරමින්  Bonus Miles  සියයට 46 ක් ලබාදීමටද කටයුතු යොදා ඇත. 
තවද සිය 46 වසරක ගමන් මග තුළ සමාගමේ සාර්ථකත්වය උදෙසා මහඟු‍ කාර්යභාරයක් ඉටු කළ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ඇගයීමටද ගුවන් සේවය සැලසුම් කර තිබේ.  



අදහස් (0)

ශ්‍රී ලංකන් 46 වැනි සංවත්සරයට වට්ටම් - දීමනා රුසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1593 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1383 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site