භානුක අමරසිංහ
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නව සාමාජිකයන් දෙදෙනකු ලෙස ඒ. එන්. හපුගල සහ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර යන මහත්වරුන් පත් කරන බව එම කොමිෂන් සභාව පවසයි.
මේ අතරින් ඒ. එන්. හපුගල මහතා වර්තමානයේදී මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස කටයුතු කරයි.
මෙතෙක් කලක් එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න යන මහත්වරුන්ගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව හිස් වූ ධුර සඳහා මෙම නව පත් කිරිම සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd