IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා- යුරෝපා සංගමය අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට සාකචිඡා

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ පෝලන්ත විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලෝව් සිකෝර්ස්කි සහ මෙරට පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර හමුවක් පසුගියදා සංවිධානය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
යුරෝපා සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නියෝජිත කජා කල්ලස් මහත්මිය වෙනුවෙන් එම හමුව සංවිධානය කළ බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
පෝලන්ත විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලෝව් සිකෝර්ස්කිගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සහ ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට පෞද්ගලික සහ රාජ්‍ය අංශය නියෝජනය කරන නියෝජිත කණ්ඩායමක් හමුවට සහභාගී වූ බව ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය.
ඇඟලු‍ම්, සංචාරක, තොරතුරු තාක්ෂණ, බලශක්ති, වරාය සහ සැපයුම් වැනි සබඳතා වර්ධනය කළ හැකි අංශ පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඇති වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි එහිදී සාකච්ඡාවට බඳුන්වූ බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය වන අතර පසුගිය වසරේදී යුරෝ බිලියන 2.7 අපනයන ආදායමක් උපයා තිබිණි.

 



අදහස් (0)

ශ්‍රී ලංකා- යුරෝපා සංගමය අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට සාකචිඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 685 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site