IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා - බ්‍රිතාන්‍ය වෙළඳ සබඳතා තර කෙරේ

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළෙඳ සබඳතා තරකර ගැනීමේ අදහසින් එක්සත් රාජධානියේ ඉන්දු - ශාන්තිකර කලාපය සඳහා වූ අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් ඊයේ (27) සහ අද (28) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූවාය.
මෙරට සාර්ව ආර්ථික සංවර්ධනය, දූෂණ විරෝධය, මානව හිමිකම් සහ ජාතික ප්‍රතිසන්ධානයද ඇතුළත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම කැතරින් වෙස්ට් මහත්මියගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරයේ අරමුණ වී තිබුණි. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම් කටයුතු සඳහා රුකුල් දෙන ආකාරයේ නව අපනයන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් පියවර ගැනීමටද අමාත්‍යවරිය සිය නිල සංචාරයේදී සැලසුම් කළාය.
අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය ඊයේ (27) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් මුණගැසී සාකච්ඡා කළ අතර අද (28) දිනයේ මානව අයිතිවාසිකම්, ප්‍රතිසන්ධානය, දේශගුණික විපර්යාසවලට සාර්ථකව මුහුණදීම සහ සුළුතර ප්‍රජාවගේ අයිතිවාසිකම් සඳහා එක්සත් රාජධානිය ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව අවධාරණය කිරීම පිණිස යාපනයේ සංචාරයක නිරත 
වීමටද නියමිතය.

 



අදහස් (0)

ශ්‍රී ලංකා - බ්‍රිතාන්‍ය වෙළඳ සබඳතා තර කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site