විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකා - බංග්ලාදේශ ආයෝජන සමුළුව එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා සහභාගී වීමට ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ටස්කීන් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 24 දෙනකුගෙන් යුත් ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවත් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
මෙරට ආයෝජන හා වෙළෙඳ අවස්ථා පිළිබඳ සොයා බැලීම එම දූත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බවද සඳහන්ය. ඔවුන්ගේ නිල සංචාරයට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පහසුකම් සපයන බව වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd