IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් අයවැයට කොළ එළියක්

රජයේ මංගල අයවැය, ශ්‍රී ලංකාවේ බැංකු විසින් සාදරයෙන් පිළිගනු ලැබ ඇති අතර, එය මූල්‍ය මාවතේ ප්‍රතිපත්ති අනුකූලතාව පවත්වා ගැනීමට උත්සාහ කිරීමක් බව පැවැසෙයි. ශ්‍රී ලංකාවේ සියලු‍ම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA),  නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා අගය කරන බවය.

ශ්‍රී ලංකා බැංකු සංගමය  SLBA විසින් අයවැය මගින් ඩිජිටල්කරණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ණය ඇපකර ආයතනය (SMEs) පිහිටුවීම සහ අපනයන දිශානතිය කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳව ප්‍රශංසා කර ඇත. 2024 වසරේ රාජ්‍ය ආදායමෙන් සියයට 10 ක පමණ දායකත්වයක් බැංකු අංශය ලබා දී ඇති බවත්, රටේ වර්ධන න්‍යාය පත්‍රය තුළ සැලකිය යුතු කාර්යභාරයක් අඛණ්ඩව ඉටු කරන බවත් පෙන්වා දෙන ශ්‍රී ලංකා බැංකු සංගමය  SLBA,  අයවැය යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා සහය දැක්වීමට රටේ බැංකු කැපවී සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

VAT ලියාපදිංචි කරන ලද සෑම ව්‍යාපාරික ආයතනයකම  Point-of-Sale (POS)  යන්ත්‍ර මගින් ඩිජිටල් ආකාරයෙන් විනිවිද පෙනෙන ව්‍යාපාරික ගනුදෙනු කිරීමටත්, භෞතික මුදල් භාවිතය අවම කිරීමටත්, මෙය බැංකු නාලිකා තුළ මුදල් ප්‍රවාහයේ වැඩි ප්‍රතිශතයක් අල්ලා ගැනීමටත් හේතු වන බව සංගමය පවසා ඇත.

“මූල්‍ය ආර්ථිකයේ ඩිජිටල්කරණය ඉහළ නැංවීම, මාර්ගගත ගනුදෙනු මෙහෙයවීම, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ක්‍රියා පටිපාටි දැඩි කිරීම, සෝදිසි කිරීම් වැඩිදියුණු කිරීම සහ සයිබර් අපරාධ පාලනය කිරීම සඳහා මූල්‍ය ආයතනවලින් ඩිජිටල් යටිතල පහසුකම් වෙත ආයෝජන වැඩි කරනු ඇත,” ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි.     

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විශ්වසනීය ණය සහතික කිරීමේ ආයතනයක් පිහිටුවීම සහ පවතින රාජ්‍ය බැංකුවක යටිතල පහසුකම් හරහා සංවර්ධන බැංකුවක් පිහිටුවීම, එම අංශයේ ණය සුරක්ෂිත කිරීමට සහ බැංකු ක්ෂේත්‍රය සමඟ ඇති සබඳතාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට එම අංශයේ හැකියාව ඉහළ නැංවිය යුතු සාධනීය පියවර බව එහි සඳහන් වේ.

‘ප්‍රධාන අංශ ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු කළ ප්‍රවේශයක් පාලන රාමුව වැඩිදියුණු කිරීමටත් කළමනාකරණ සහ විගණනය කරන ලද ගිණුම් අතර විසමතා අවම කිරීමටත්, ව්‍යාපාරික ගනුදෙනු සඳහා පෞද්ගලික බැංකු ගිණුම් භාවිතය ආදියටත් හේතු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. 



අදහස් (0)

ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් අයවැයට කොළ එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site