විමුක්ති එස් රුද්‍රිගු
ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ලිපිවලට ශ්‍රී ලංකාව සහ ප්‍රංශය නිල වශයෙන් පසුගියදා අත්සන් තැබූ බවත්, ඒ සමග ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූ බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව නිල ණය හිමියන්ගේ කමිටුව සමග පසුගිය ජූනි 26 වැනිදා එළැඹී අවබෝධතා ගිවිසුමට අනුකූලව දෙරට අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ බවද මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. ශ්‍රී ලංකාව සහ ප්‍රංශය පසුගිය ජූනි 16 වැනිදා දෙරට අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුමට අත්සන් තැබූ බවත්, එම ගිවිසුමට මුදල් අමාත්‍යාංශය සහ ප්‍රංශයේ අදාළ පාර්ශව ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන ලිපිවලට අත්සන් තැබිය යුතුව තිබූ බවත් එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ අනුව පසුගිය 24 වැනිදා මුදල් අමාත්‍යාංශය සහ ප්‍රංශය එම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ ලිපිවලට අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාත්, ප්‍රංශය වෙනුවෙන් ඒ.එෆ්.ඩී. මෙරට අධ්‍යක්ෂ යසීඩ් බෙන්සෙඩ් මහතාත් එම ලිපිවලට අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd