IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා - ජර්මන් ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනයට සාකච්ඡා

අංජුල මහික වීරරත්න


ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිකුරාදා (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වීය. 
ගෝලීය නව ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර දෙරටෙහි ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.
දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ වූ  දීර්ඝ ඉතිහාසය සහිපත් කළ ජනාධිපතිවරයා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (Ceylon German Technical Training Institute (CGTTI) වැනි වෘත්තීය පුහුණු ආයතන වෙනුවෙන් සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජර්මනිය දැක් වූ දායකත්වය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය.
 එම දායකත්වය හා උනන්දුව අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සලසන තත්වයක් කරා වර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. 
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

 



අදහස් (0)

ශ්‍රී ලංකා - ජර්මන් ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනයට සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site