ශ්‍රී ලංකාව චීනය සමඟ ඩොලර් බිලියන 1.4 ක වටිනාකමින් යුත් යුවාන් මුදල් හුවමාරුව අලුත් කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර මහතාගේ චීන සංචාරයට සමගාමීවය. මේ බව ශ්‍රී ලංකා මහ බැංකුවද තහවුරු කර ඇත.
‘‘ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව, 2024 දෙසැම්බර් මාසයේදී, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසි යටතේ, 2021 දී අත්සන් කරන ලද ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර තුනක කාලයක් සඳහා අලුත් කළ බව ශ්‍රී ලංකා බැංකුව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
මෙය ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය සහයෝගීතාව තවත් ශක්තිමක් කිරීමට හේතුවක් වන බව ද පැවැසෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර, චීන මහජන බැංකුව වෙනුවෙන් චීන මහ බැංකු අධිපති පැන් ගෙංග්ෂෙන් මහතා ගිවිසුමට අත්සන් තැබුවේය.
2021 වසරේ දී, ශ්‍රීලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක් වටිනා තුන් අවුරුදු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට අත්සන් තැබීම කළේ දෙරට අතර ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙනි.
ඩොලර් බිලියන 1.4 ක චීන යුවාන් හුවමාරුව කෙසේ වෙතත් දළ විදේශ සංචිත ආනයනවලින් මාස 3 කට වඩා අඩු වුවහොත් කිසිදු ආනයනයක් සඳහා භාවිත කළ නොහැකි බව ද පැවැසෙයි. 2024 වසර අවසන් වන විට චීන මුදල් හුවමාරුව ඇතුළුව ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිත ඩොලර් බිලියන 6.1 ක් විය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා - චීන ඩො. බි. 1.4 ක මුදල් හුවමාරුව අලුත් කරයි