IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශන කාර්යාංශයක්

නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යාංශය (AAIBSL)  ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2002 අංක 34 දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පනතට අනුව, ශ්‍රී ලංකාවේ සීමාව ඇතුළත ගුවන් ගමන් අනතුරු සහ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීමේ වගකීම එම අධිකාරිය වෙත පැවරී ඇත.
එහෙත්, 2010 වර්ෂයේ දී පවත්වන ලද ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානයේ  (ICAO)  නිරුපද්‍රිතා අධීක්ෂණ විගණනයක දී ගුවන් යානා හදිසි අනතුරු සහ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා ස්වාධීන ක්‍රියාවලියක් නොමැති වීම පිළිබඳව කරුණු අනාවරණ කර තිබේ.
ඒ අනුව, ස්වාධීන ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යංශයක් පිහිටුවීම පිණිස 2016 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, මේ වන විට ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් විධිවිධාන කිහිපයක් හඳුන්වාදිය යුතු බවට අදාළ පාර්ශ්ව  පෙන්වා දී තිබේ.

 



අදහස් (0)

ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශන කාර්යාංශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site