IMG-LOGO

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ මිල ගණන් එලෙසමයි

දේශීය වෙළඳපොළ තුළ පවතින භාණ්ඩ හා සේවාවන්හි අසාමාන්‍ය මිල ඉහළ යාම පාදක කරගනිමින් මහජනතාව වෙත බරක් පැටවීම වෙනුවට, මහජනතාවගේ සහ පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු කාලය එළඹී ඇති බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සඳහන් කරයි.

ඒ අනුව, වෙළඳපොළ තුළ දක්නට ලැබෙන මිල වැඩිවීම් සියල්ල මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා සියල්ලෙහි මිල ගණන්, විවිධ පාඨමාලා පිරිනැමීම සඳහා අයකෙරෙන ගාස්තු නොවෙනස්ව, දැනට අයකරගෙන යන ආකාරයෙන්ම පවත්වාගෙන යාමටත්, පිරිවැය වැඩිවීම නිසා ගාස්තු වැඩිවීමක් සිදුකිරීම නොවැළැක්විය හැකි නම් මිස වෙනත් කිසිදු හේතුවක් මත කිසිදු ගාස්තුවක් ඉහළ නංවා නොසිටීමටත් ඒකමතිකව තීරණය කර ඇති බවත් එම ආයතනය කියයි.

බාධක ජයගනිමින් සංවර්ධනයේ නව මාවත් විවර කරගනිමින් ශ්‍රී ලංකාව නැවතත් ලෝකය ඉදිරියේ අභිමානයෙන් නඟාසිටුවන්නට උපයෝගී වන ප්‍රබලතම අවිය අධ්‍යාපනය බව අපි දැඩිව විශ්වාස කරමු. ඒ අභිමානවත් දේශය ගොඩනැගීම උදෙසා ප්‍රඥාවන්තයන් බිහි කිරීම වෙනුවෙන් හැම මොහොතකම පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය අව්‍යාජව කැප වී සිටින බවද එම ආයතනය කියයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ මිල ගණන් එලෙසමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site