විමුක්ති එස් රුද්‍රිගු
දකුණු ආසියාව තුළ ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් ගොඩ නැගීමට සහයෝගීත්වයෙන් කටයුතු කිරීම සඳහා වන මුල පිරීමක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, පකිස්තානය යන රටවල කොටස් වෙළඳපොළ ප්‍රධානියෝ අවබෝධතා ගිවිසුමකට ඊයේ (27) අත්සන් තැබූහ.
කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා 2025” ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුව කොළඹ ෂැනග්‍රිලා හෝටලයේදී ඊයේ (27) ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශය මෙලෙස අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේය.
අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට පකිස්ථාන කොටස් වෙළඳපොළේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ෆාරුක් එච්. සබ්ස්වරි, කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක සහ ඩකා කොටස් වෙළඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති මොමින් උල් ඉස්ලාම් යන මහත්වරුන් ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළකට ලංකාව, බංග්ලාදේශ, පකිස්තානය ගිවිසුමක