IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


වෙළෙඳපොළ අලුත් වාර්තාවක් සලකුණු කරන දිනයක්

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ (ජුලි 15) මධ්‍යහ්නයවන විට තියුණු බිඳවැටීමක් පෙන්නුම් කරන ලද නමුත් අවසානයේ දී කලින් දිනයේ දී නතර කරන ලද ස්ථානයෙන් එපිට දර්ශක කරා ඉල්පීමක් පෙන්නුම් කළේය. මෙරට ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය අලුත්ම වාර්තාගත අගයක් කරා ළඟාවීමට දර්ශක 54ක් මෙපිටින් නතර වූ අතර අද දිනයේ ගනුදෙනු සඳහා දක්වන සක්‍රීයභාවය අනුව ඉදිරියට ගමන් කිරීම තීරණය වනු ඇත.

දිනයේ ගනුදෙනුවල දී කොටස් විකිණීමට ප්‍රයත්න දරන ලද අතර ලාබ උපයාගත් බැවින් අද දිනයේ දී තව දුරටත් මිල දී ගැනීමේ ප්‍රවණතාවක් අපේක්ෂා කළ හැකිවේ.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,946.27 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 107.88  ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,700.45 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 71.83 ක වර්ධනයක් සේ  වාර්තා වේ. පිරිවැටුම රුපියල් බිලියන 9.10 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 51,005 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 276.9 ක් විය. සමාගම් 126 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 119 කි.  විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 96.4 ක් වන අතර විකිණීම් රුපියල් මිලියන 1,320.3 කි. රටට අහිමි වූ ධනය රුපියල් මිලියන 1,224 ක් බව සඳහන් කළ හැකිය.  සෙංකඩගල ෆිනෑන්ස් කොටසකට රුපියල් 2.80 ක ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඞ් ෆයිනෑන්ස් රුපියල් මිලියන තිහක ණයකරයක් නිකුත් කොට ඇත. විදේශීය ආයෝජන අංශ කොටස් විකුණා දමන අතර දේශීය මිල දී ගැනීම් ඉහළ යන බවක් මෙම දිනවල නිරීක්ෂණය කළ හැකිවේ. 

ජෝන් කීල්ස් රුපියල් මිලියන 895 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රුපියල් මිලියන 559 ක්,  ඕවර්සිස් රියැලිටි  රුපියල් මිලියන 431 ක්,  හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 346 ක්,  සම්පත් බැංකුව රුපියල් මිලියන 294 ක්,  ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන් රුපියල් මිලියන 279 ක්,  හේලීස් රුපියල් මිලියන 276 ක්,  ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

වෙළෙඳපොළ අලුත් වාර්තාවක් සලකුණු කරන දිනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site