කොළඹ කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ අධික වාහන තදබදය අවම කිරිමේ අරමුණින් ඉදිකෙරෙනන රාජගිරිය ගුවන් පාලම මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, මුදල් ඇමැති රවී කරුණානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) ඇරඹිණි.
ස්පාඤ්ඤ රජයේ ණය ආධාර මත ඉදිකෙරෙන මෙම ගුවන් පාලම සදහා යන වියදම රුපියල් කෝටි 850 කට ආසන්න මුදලකි.මීටර 363ක් දිගින්ද මංතීරු 4 කින් ද යුක්තය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වික්‍රම, මම කොතනද කුළුණු මත හදන පාරවල් වල වියදම අඩුයි කිව්වේ? මම කිව්වේ මහා මාර්ගයේ කුළුණු මත හදන මාර්ගයකත් පහත් බිමක හදන මාර්ගයකත් මිල වෙනස්වන ආකාරයයි. (නි)
දැන් මේක හොද විසදුමක්.(හේ)
ඒක හොදයි (හේ)
ඔන්න තේරිලා, එයාලත් පුංචි වැඩක් පටාන් අරන්.(හේ)
වැඩේ ඉක්මනින් කරනවා නම් ගොඩක් හොඳයි.(හේ)
ඔන්න තේරිලා, එයාලත් පුංචි වැඩක් පටන් අරන් (හේ)
ඔන්න තේරිලා, එයාලත් පුංචි වැඩක් පටන් අරන් (ම)
මෙම ගුවන් පාලම කණු මත සහ ප්‍රදාන මාර්ග මත සහ ගොඩනැගිලි අතරින් ගොඩනැගෙන එකකි. එය ඉඩම් සහ කුඹුරු මතින් ඉදිවෙන මාර්ගයකට වඩා වියදම් සහ කාලය වැයවන අතර සුක්ෂම ඉංජිනේරු ක්‍රියා පටිපාටියන් අනුගමනය කලයුතුය. (ම)
ප්‍රසන්න ප්‍රධාන මාර්ගයක කුළුණු මතින් ඉදිවන මාර්ගයක් කුඹුරු මතින් ඉදිවන මාර්ගයකට වැඩිය ලෙහෙසියෙන් ඉදිකළ හැක. කුඹුරු වල මාර්ගය ඉදිකිරීමේදී ප්ලැට්ෆොර්ම් සහ පිවිසුම් මාර්ග ඉදිකිරිම සදහා අමතර මුදලක් වැයවන නමුත් මහා මාර්ගයක එසේ නොවේ (බ)
දැන් වාහනවල ගණන්වල හැටියට පාර්ලිමේන්තු යන අයට විතරයි යන්න පුළුවන්. කාලා ඇඳලා ඉන්න බැරි රටක් මේක. පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්නෙ නැහැ, කෝටි ගණන් වියදම් කරලා පාරවල් හදනවා (නි)
අපොයි! අර දෙහිවල ගුවන් පාලමක් හදලා ට්‍රැෆික් වැඩිවුණා විතරයි. දැන් එ්කෙත් බර වාහන යන්න තහනම්. පරණ විදිය හොඳයි (නි)
චානක, දන්නවා වගේ බොරු කියන්න එපා. කුළුණු උඩ හදන පාරවල් වලට තමයි වැඩිම වියදම යන්නේ! (නි)
කොච්චර කාලයක් යනවද?(හේ)
හොදයි ඉතින් ඉක්මනින් මේ දෙවල් වෙනවා නම්.(හේ)
මේක විසදුමක් වෙන්නේ නෑ.(හේ)
මේක හොද යෝජනවාක්. ඒත් සියයට සියයක් නොවේ.(හේ)
කරන දේ ගැන ගොඩක් සතුටු වෙනවා මහත්තයෝ.(හේ)
අපිත් බලන් හිටියේ මේ හරියේ පාලමක් හදනකන් තමයි.(හේ)
ප්‍රසන්න, වටරවුම් පාරේ ගිහින් නැහැ වගේ. මහින්ද හැදුවේ කිමි එකකට කෝටි 2 වෙන්න. දැන් කොහොමද? හොරා කියලනේ කිවුවේ. ඒක තමා ප්‍රශ්නය. (නි)
මෙයාලා කියන්නෙත් ගිය ආණ්ඩුවලින් කියපුදේමයි. (නි)
සෙනුර, අපි හොඳටම දන්නවා පොළොවට යටින් යන්න පුළුවන් අයට ගුවන් පාලම් අවශ්‍ය නැහැ. (නි)
දක්ෂිණ අධිවේගී මාර්ගය කටුනායකට සම්බන්ධකරන ව්‍යාපෘතිය නැවතිලා, මහනුවර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නැවතිලා. ඉතින් මේකටත් එහෙම තමයි. රට දියුණු නොවුණත් ආණ්ඩුව නම් දියුණුවන බව පේනවා අපේ බදු වලින් කෝටි ගණන් වාහන අරන්. (නි)
අනේ මන්ද අපේ රටේ මිනිස්සුනට නොතේරන ඔය කවුරු කළත් රටේ ධනය උපද්දවල නොවේ ගිනි පොලියට ගත්ත සල්ලි වලින් , ඕකෙන් රවීගේ සහ කිරිඇල්ලගේ කරල පැහේවි , අපේ මිනිස්සු පොඩි චූන් එකක් ගනීවි , කයිවාරු ගැහුවට මුළු රටම ණය ආකරයක් අපි කියන්නේ රටේ ජාතික නිෂ්පාදනය ගොඩ නගන ආර්ථිකයක් රටට ඕන කාටවත් ණය නොවී කරන සංවර්ධනය තමයි සංවර්ධනය කියන්නේ මේවා අරය කරපු නිසා කරන්න ඕන කියල මහා කුට්ටියක් සාක්කුවේ දාගෙන අපිව තව තවත් අගාදයට ඇද දමන මේක්‍රමය ඉතා නරක ප්‍රතිඵල ලැබේවී (බ)
වැඩි ගානට මහින්ද කරනකොට තමයි වැරදි.(හේ)
වැඩේ නම් හොඳයි. වියදම තමයි වැඩි (නි)
මේ හදන පාරේ එක මිටරයකට ආසන්න වශෙන් කෝටි 2 කුත් ලක්ෂ 30කුත් වැයවෙනවා. රත්තරන් නැතුව තනිකර කොන්ක්‍රීට් වලින් කළා නම් හරිනේ (නි)
වජිරට පුලුවන්න මිට අඩු මුදලකින් වගකීමක් ඇතිව මෙය හදාදෙන්න ඉදිරිපත් වන්න.තවම ප්‍රමාද නැහැ.(ම)
අවුරුදු 20 ක් මුකුත් නැතුව ඉදල දැන් වැඩ කරන කොට ගාන ටිකක් වැඩි වෙනවා තමයි. ගණන් ගන්න දෙයක් නෙමෙයි කොහොම හරි වැඩේ කරන්න හදනවා විතරයිනේ.(ම)
ඉඳල, ඉඳලා මේ වැඩක් කරනවමයි. දෙවි පිහිටයි. නුවර අධිවේගෙට මුල්ගල තියලා දැන් ඒක පැලත් වෙලා. අනේ එසේ නොවේවා. (නි)
ඉදල,ඉදල වැඩක් කරනවමයි. දෙවි පිහිටයි. නුවර අධිවේගෙට මුල් ගල තියල දැන් ඒක පෑලත් වෙලා. අනේ එසේ නොවේවා.(ම)
මේක අත්‍යවශ්‍ය වැඩක්. ගාන කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට යනෙන මැති ඇමතිවරුන්ගේ වටිනා කාලය ඉතිරි කර ගන්න පුළුවන් පාරේ රස්තියාදු නොවී. ඒ කාලය මුදල්වලින් තක්සේරු කරන්න බැහැ වජිර. (බ)
මේක අත්‍යවශ්‍ය වැඩක්. ගාන කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට යනෙන මැති ඇමතිවරුන්ගේ වටිනා කාලය ඉතිරි කර ගන්න පුළුවන් පාරේ රස්තියාදු නොවී. ඒ කාලය මුදල්වලින් තක්සේරු කරන්න බැහැ වජිර. (බ)
මේ කියන විදියට මීටර 363 ක් හදන්න බිලියන 8.5 යනවා. ඒ කියන්නේ කිලෝමීටරයකට බිලියන 23.5 ක්. මේ ආණ්ඩුව පහුගිය දවස්වල කිව්වා කඩවත කෙරවලපිටිය කිලෝමීටර 9.3 හදන්න බිලියන 66.6 වැඩියි කියල. නමුත් මේ කිලෝමීටර 9.3 ඇතුලේ කිලෝමෙටර 5.9 ක් තියෙන්නේ මේවගේම පාලම්. එහෙමනම් ඒ කිලෝමීටර 5.9 හදන්න බිලියන 138.6 යනවා. අනෙක් කිලෝමීටර 3.4 නැතුවත්. (බ)
මමත් කල්පනා කළේ එ්කම තමයි චානු, කිලෝමීටරයක් දුරට හැදුවනම් ගාන කොහොම වෙයිද කියල? (බ)
වැඩි ගානට මහින්ද කරනකොට තමයි වැරදි. (බ)
ඉතා කාලෝචිත වැඩපිළිවෙලක්. (ර)
එ්ක හොඳයි.(හේ)
දැන් ගුවන් පාලම හොදද? (හේ)
දැන් ගුවන් පාලම හොඳද? මහින්ද හදනකොට මොනවද මෙයාල කිව්වේ? (හේ)
මේකේ පොඩ්ඩක් මිල වැඩිවෙලා තියෙන්නේ මහින්දලාගේ කාලේ කරපු වැරදි නිසා. (නි)
පාරවල් කන්නද කියලා සමහරු ඇහුවා නේද? (නි)
වැඩක් වෙන එකක් නෑ.(හේ)
ඉක්මනින් වැඩ ටික ඉවර කරන්න.(හේ)
මේ වැඩේ පටන් ගත්ත එක හොදයි.(හේ)
දැන් වාහන තද බදයට තව විකල්ප ගේන්න ඕනේ කාලේ ඇවිත්.(හේ)
මේ වගේ මාර්ග තදබදය තියෙන තැන් ගොඩක් තියෙනවා.(හේ)