IMG-LOGO

වාහන ආනයනකරුවෝ රැකියා ගැන අනතුරු අඟවති

(බිඟුන් මේනක ගමගේ)

වාහන ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් සිය ව්‍යාපාර වසා දමා සේවකයන් රැකියාවලින් ඉවත්කිරීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගු මහතා ලංකාදීපයට අද(22) පැවැසීය.

ගණකාධිකාරිවරුන්, අලෙවි විධායකයන්, රියැදුරන්, සහායකයන්, ආරක්ෂකයන් හා තාක්ෂණ ශිල්පීන් ඇතුළුව සේවා සපයන්නන් විශාල පිරිසකගේ රැකියා මේ වනවිට අවදානමක ඇති බැවින් මේ ගැන කඩිනම් අවධානය යොමුකරන්නැයි රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි ද රොද්‍රිගු මහතා කීය.

විදේශ විනිමය ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් වාහන ආනයනය නතර කිරීමට රජය තීරණය කළ ද එය වාහන ආනයනකරුවන්ට මෙන්ම මෙරට ආර්ථිකයටත් නරක ලෙස බලපා ඇතැයි ඒ මහතා කීවේය.

ගමනාගමනය හා ප්‍රවාහනය මෙරට ආර්ථිකයේ වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් යැයි කී හෙතෙම ජනාධිපතිවරයාගේ මහජන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධන දැක්මට අදාළ ධීවර, පශු සම්පත්, සංචාරක, ඉදිකිරීම් මෙන්ම මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා එමගින් විශාල සේවයක් සැලැසෙන්නේ යැයි ද කීය.

මෙම අංශවල අවශ්‍යතා සඳහා දැරිය හැකි මිලකට වෑන්, ට්‍රක්, බස් හා කුඩා වාහන මෙරටට ආනයනය අත්‍යවශ්‍ය කරුණක් බැවින් වාහන ආනයනය මුළුමනින්ම නතර කිරීමෙන් මෙම ක්‍ෂේත්‍රයෙහි විසල් හිස්තැනක් නිර්මාණය වී ඇතැයි ද රොද්‍රිගු මහතා සඳහන් කළේය. 
දේශීයව වාහන නිපැදවීම හෝ එකලස් කිරීම ඉහත ප්‍රශ්නවලට විසඳුමක් නොවන්නේ යැයි ද මෙම ආර්ථික පිළිවෙත රටේ ආර්ථිකයට කිසිදු වටිනාකමක් එක් නොකරන උපායමාර්ගයක් බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මතය යැයි ද ඔහු සඳහන් කළේය.

බදු නිදහස් ලබාදෙමින් දේශීය වශයෙන් වාහන නිෂ්පාදන කටයුතු හා එකලස් කිරීම් කාලයක් තිස්සේ සිදුවුව ද එම ව්‍යාපාරිකයන් සිය වැඩපිළිවෙල සකසාගෙන තිබෙන්නේ බදු දැලෙන් රිංගායෑමට යැයි ද මෙම ක්‍රියාපිළිවෙත නිසා අවසානයේදී පාරිභෝගිකයාට සහනයක් නොලැබෙන අතර රජයේ බදු ආදායම ද අහිමිවන්නේ යැයි ද රොද්‍රිගු මහතා සඳහන් කළේය.

මුළුමනින් නිපැයූ වාහන ආනයනය කර ඊට කුඩා එකතුවක් කිරීම දේශීය එකලස් කරන්නන්ගේ කාර්ය වී ඇතැයි ද මේ නිසා ඇතැම්විට ඉහළ තත්ත්වයේ ජපන් වාහනයකටත් වඩා වැඩි රුපියල් සංචිතයක් එම ආනයනයන්ට මෙරටින් පිටට ගලායෑම සිදුවන්නේ යැයි ද ඔහු කීය.

මෙරටින් මුදල් පිටට ගලා යන අවස්ථාවක පවා රජයට ඉහළ ආනයන බදු ආදායමක් ලබාගැනීමට අවස්ථාව ඇත්තේ වාහන ආපනයනකරුවන්ගෙන් යැයි ද ලාබ ශ්‍රමය හා භූගෝලීය පිහිටීම යන සාධක අනුව අප කළයුත්තේ මහාපරිමාණ වාහන නිෂ්පාදකයන්ට මෙරට ආයෝජනයට ආරාධනා කිරීම යැයි ද රොද්‍රිගු මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (9)

වාහන ආනයනකරුවෝ රැකියා ගැන අනතුරු අඟවති

nishantha rajakaruna Wednesday, 22 July 2020 11:36 AM

රනිල් මැතිතුමාට ඡන්දය ලබාදෙන්න. ජපානයෙන් ඕනෑතරම් වාහන අපනයනය කරන්න ඕනේ නම්.... එහෙම ආර්ථික වටිනාකමක් නොදන්න අනිත් අය පත්කළොත් ඔයාලට වෙන්නේ මහපාරේ පැදුරක් එළාගෙන හිඟාකන්නයි. ඒක හොඳට ඔය ව්‍යාපාරිකයෝ මතක තියාගත්තොත් හොඳයි.

:       25       43

nirodayanaSaturday, 25 July 2020 04:27 PM

වාහන ගෙන්වීමෙන් විනිමය, රටේ ධනය නැතිවෙනවා. මේවා ගන්නේ ජනතාව ණය වෙලා.. ව්‍යාපාරිකයන්ට රට අවශ්‍ය නැත. ඔවුන්ගේ ආදායම මුදල පෙරට... ඔක්කොම එකතුවෙලා වගාවක් කළා නම් රට ගොඩ... එජාප, පොහොට්ටු කොහොම වෙතත් ජනතාව දිනුම්... කුඹුරක් කොටපල්ලා අමතර ආදායමකට, වාහන හෝදපල්ලා එතරම් වාහන ගොඩගැහිලා...

:       0       0

thilak Wednesday, 22 July 2020 02:05 PM

මේ අය පසුගිය කාලේ පරම්පරා ගණනකට සල්ලි හම්බ කරගෙන, දැන් ව්‍යපාර තද වුනාම සේවකයින් බිල්ලට දෙන්නයි කල්පනාව.

:       11       11

කපිල Wednesday, 22 July 2020 02:37 PM

අනේ ඔයාලගේ සේවකයෝ ගැන හිතලා රටේ ආර්ථිකය වට්ටන්න පුලුවන්ද.?

:       3       10

de silva Thursday, 23 July 2020 06:43 AM

අපි මේ හොද්දට දමන්න කහ ටිකක් නැතුව ලතවෙනවා. මේ ගොල්ල වාහන ගෙන්වන්න කතාකරනවා.

:       1       35

de silva Thursday, 23 July 2020 09:25 AM

කහ නැතිව හොදි කන්නම්, සීනි නැතිව තේ බොන්නම්, ගෝඨාභය මහතා කියනවානම් පිදුරු වුනත් අපි කන්නම්.

:       1       82

nirodayanaSaturday, 25 July 2020 04:29 PM

මහබැංකුව සීනි නැතිව කන්න බැරිද?

:       0       0

nirodayanaSaturday, 25 July 2020 04:31 PM

රනිල් මහත්තයා කියනවා නම් ඕන දෙයක් අපි කන්නම්...

:       0       0

Akila Thursday, 23 July 2020 04:29 PM

පොඩ්ඩක් ඉන්න, නව රජයේ මන්ත්‍රීලාට, ඇමැතිලාට අලුතින් සැප වාහන ගෙන්නන්න ඕනේ වුණාම ඕක ටික කාලෙකට අයින් කරයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site