IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වාහන ආනයන තක්සේරුවේ වරදින් බිලියන ගණනක ආදායම් අහිමි වෙලා

  • යල් පැනගිය පිළිවෙත් හේතුවෙන් දින තුනකට රජයට රු.බි. 250 ක මුදලක් අහිමි වෙලා
  • වසරකට බිලියන 36500 ක පමණ ආදායමක් අහිමි විය හැකියි

විමුක්ති එස්. රුද්‍රිගු

භාවිත කළ වාහන ආනයනය කිරීමේදී තක්සේරු කරන ආකාරය පිළිබඳව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පැවැති රැස්වීමකදී දැඩි කනස්සල්ල පළ කළේය. රේගුවේ යල් පැනගිය පිළිවෙත් හේතුවෙන් වසරකට රජයට රුපියල් බිලියන ගණනක බදු ආදායමක් අහිමි විය හැකි බවද රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව ප්‍රකාශ කළේය.

කිලෝමීටර 50 ක පමණක් ධාවනය කර ඇති දින 5 ක් පැරැණි වාහන ඇතුළු සියලු‍ම වාහනවල වටිනාකම ආනයනයේදී සියයට 15 කින් අඩුකර ඇස්තමේන්තු කරන්නේ ඇයිදැයි එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකා රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ එයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ එයට හේතුව 2016 වසරේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් නිකුත් වූ ගැසට් පත්‍රයක් බවත්, එහි සඳහන් උපදෙස් තවමත් යාවත්කාලීන වී නොමැති බවත්ය.

තක්සේරු කිරීමේදී වටිනාකම අඩුකිරීම සම්බන්ධයෙන් රේගුවට කිසිම මාර්ගෝපදේශයක් ලැබී නොමැති බවත්, තවමත් රේගුව 2016 නිකුත් කළ මාර්ගෝපදේශ පිළිපදින බවත් අරුක්ගොඩ මහතා එහිදී ප්‍රකාශ කළේය. එහිදී එම නිර්වචනය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අභියෝගයට ලක්කළ අතර ඔහු විමසා සිටියේ ඒ පිළිබඳව තවමත් ඉහළ බලධාරීන් දැනුවත් කර නොමැති ද යන්නයි.

එහිදී නැගුණු දිනකට වාහන කොපමණක් නිදහස් කරන්නේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අරුක්ගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ රේගුව දිනකට වාහන 200 ත් 300 ත් අතර ගණනක් නිදහස් කරන බවත් වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව මෙරටට මෝටර් වාහන 16,000 ක් පමණ ගෙන්වා තිබෙන බවත්ය.

අහඹු දත්ත මත පදනම්ව යල් පැනගිය පිළිවෙත් හේතුවෙන් දින තුනකට රජයට රුපියල් බිලියන 250 ක මුදලක් ආදායම ලෙස අහිමි වී තිබෙන බව එහිදී සඳහන් විය. එහිදී රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විමසා සිටියේ පාඩුව දිනකට රුපියල් බිලියන 100 කට වඩා වැඩි නම් රජයට වසරකට බිලියන 36500 ක පමණ ආදායමක් අහිමි විය හැකි බවයි.

 



අදහස් (1)

වාහන ආනයන තක්සේරුවේ වරදින් බිලියන ගණනක ආදායම් අහිමි වෙලා

pakeer Tuesday, 01 July 2025 03:06 PM

නිෂ්පාදනයක් කරලා සල්ලි හොයපල්ලා බන්... නිකන් ඉදන් බඩු ගහලා කාලකන්නි වගේ සල්ලි හොයන්න එපා.. අනිත් එක හොයපල්ලා ඩොලර් රුපියල් නෙමෙයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site