(නිමල කොඩිතුවක්කු)
පසුගිය වර්ෂවලට සාපේක්ෂව වාහන අලෙවිය සියයට 85 කින් පමණ පහත වැටී ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය.
මේ හේතුවෙන් වාහන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇතැයිද රන්ජන් පීරිස් මහතා සඳහන් කළේය.
වාහන සඳහා පනවා ඇති බදු මුදල් ඉහළ දැමීම, රුපියල අව ප‍්‍රමාණය වීමෙන් වාහන වල මිල ඉහළ යාම හේතුවෙන් වාහන අලෙවිය සියයට හැටකින් පමණ අඩුවී තිබූ බවත් පාස්කු ප‍්‍රහාරයෙන් පසු මෙම තත්වය සියයයට 85කින් පමණ වර්ධනය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
රට තුළ ආර්ථිකය කඩා වැටීම, ව්‍යාපාර කඩාවැටීම, ජනතාවගේ ආදායම් මාර්ග අවහිර වීම මෙම තත්වයට බෙහෙවින් බලපා ඇතැයිද රන්ජන් පීරිස් මහතා පැවැසීය.
මෙරට තුළ වැඩි වශයෙන් අලෙවි වන සුසුකි වැගන් ආර්, ටොයටා ඇක්සියෝ, ප‍්‍රිමියෝ, ටොයටා විට්ස් මෝටර් රථ වල සිට සියලූම වාහන සඳහා මෙම තත්වය බලපා ඇතැයිද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමා වෙන්න ඕනේ... රටින් ගෙන්වන දේවල් අඩු කරන්න ඕනේ... මේ කියන සංගමේ අය තමා අකමැති ලංකාවේ වාහන හදනවට. එයාලට ඕනේ වැඩි ගානට වාහන ගේන්න. මේ මාසේ ලංකාවේ ආනයන වියදම අඩු වෙයි. ගෙවීම් ශේෂයට බලපෑම අඩු මාසයක් වෙනවා.
යූ.එන්.පී. ආණ්ඩුවකින් නොතෙමි යන්න අඩුවට කාර් ගන්න හිටිය අයට වුණු දෙයක්...
මේඩ් ඉන් කුරුණෑගල... වොක්ස්වැගන් කාර් ගන්නකෝ අඩු ගාණට..
වෙනත් භාණ්ඩ නම් අලෙවිය අඩුවෙනකොට මිල අඩුවෙනවා සමහර භාණ්ඩ නොමිලේ දෙනවා. නමුත් මේ වාහනවල නම් කිසිම මිල අඩුවීමක් නැහැ.
යහපාලනයේ මුදල් ඇමැතිලා ඔක්කොම දන්නේ හැම බජට් එකකදීම... අායේ නම් ඉතින් වාහන මිල වැඩිකරන්න තමයි. වෙන විදිහකින් "අය" හොයාගන්න දන්නේ නැහැ. මේ ගොල්ලෝ තව අවුරුදු 10ක් හිටියොත් මරුටියකුත් කෙල කෝටියක් කරයි.
කොච්චර හොඳද? මේ පුංචි රටේ තවත් වාහන යන්න ඉඩක් නැහැ. කරුණාකරලා, ඔය සංගමේ ඔය මීටර් කරකවපු, ආර් ග්‍රේඩ් ජපන් වාහන, කුඨ ලෙස වෙනස්කරලා ලංකාවේ අහිංසක දුප්පතුන්ට විකුණලා සුරකින්නේ නැතුව කරුණාකරලා ඔය ව්‍යාපාරය නවත්තන්න දැන්වත්... ලංකාවේ සේල්වල තව අවුරුදු 10 කට වඩා ඇතිවෙන්න වාහන තියනවා. ඔබලාගේ සම්බන්ධකම් පාවිච්චිකරලා අපේ රටේ නිෂ්පාදනයක් ඔය ජපානය ඇතුළු පිටරටවලට අපනයනය කරන්න ක්‍රමයක් හදන්න. එයයි මේ මොහොතේ ඔබේ රටට විය යුතු යුතුකම...
ලංකාවේ වාහන හැදුවට කමක් නැහැ පිටරට සමාගම් වලින්. ඒ කියන්නේ ඇඟලුම් වගේ. එතකොට ඒවගේ තත්වයක් තියෙනවා. නැතුව හදන්නන් වාලේ හැදුවොත් නිකන් යකඩ ගොඩක් විතරයි. එ්කයි මිනිස්සු ජපන් සහ යුරෝපා වාහන මිල ගාන වැඩි වුනත් ගන්න හදන්නේ. අනික වාහන දැනටමත් තියෙන මිනිස්සු හරිම කුහකයි. ඒ අය ආස නැහැ අනිත් අය වාහන ගන්නවට. හොඳ දේ හැමෝටම සුභවාදීව කළොත් හැමෝටම සෙතක් වේවි...!!!
දේශීය පොල් මිල රුපියල් 20 ට අඩු වෙලා..... ඒ නිසා පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට ටැක්ස් වැඩි කරන්න...
ඇත්තටම මේ රටේ වෙන්න ඕන මෙය තමයි. වාහන ආනයන කරුවන් ඉන්නේ ඉතාම ටික දෙනයි. නමුත් ඔවුන් පිනවන්න ගියාම වෙන්නේ මෙරට තවතවත් අගාධයට යාමයි. අපිට ලෝකයට වාහන විකුණන්න අවශ්‍ය නැහැ රටට අවශ්‍ය සියලු වාහන මෙහිම හදමු
අප්පේ යන්තම් පාරේ බැහැල යන්න පුළුවන් .
කුඩයක් ගත්තා නම් නොතෙමී යන්න පුළුවන් නේ.. වාහනයක් ඕනෑ නැහැ.