(නිමල කොඩිතුවක්කු)
පසුගිය වර්ෂවලට සාපේක්ෂව වාහන අලෙවිය සියයට 85 කින් පමණ පහත වැටී ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය.
මේ හේතුවෙන් වාහන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇතැයිද රන්ජන් පීරිස් මහතා සඳහන් කළේය.
වාහන සඳහා පනවා ඇති බදු මුදල් ඉහළ දැමීම, රුපියල අව ප‍්‍රමාණය වීමෙන් වාහන වල මිල ඉහළ යාම හේතුවෙන් වාහන අලෙවිය සියයට හැටකින් පමණ අඩුවී තිබූ බවත් පාස්කු ප‍්‍රහාරයෙන් පසු මෙම තත්වය සියයයට 85කින් පමණ වර්ධනය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
රට තුළ ආර්ථිකය කඩා වැටීම, ව්‍යාපාර කඩාවැටීම, ජනතාවගේ ආදායම් මාර්ග අවහිර වීම මෙම තත්වයට බෙහෙවින් බලපා ඇතැයිද රන්ජන් පීරිස් මහතා පැවැසීය.
මෙරට තුළ වැඩි වශයෙන් අලෙවි වන සුසුකි වැගන් ආර්, ටොයටා ඇක්සියෝ, ප‍්‍රිමියෝ, ටොයටා විට්ස් මෝටර් රථ වල සිට සියලූම වාහන සඳහා මෙම තත්වය බලපා ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වාහන අලෙවිය සියයට 85 කින් පහළට
amila Friday, 17 May 2019 05:02 PM
මේක තමා වෙන්න ඕනේ... රටින් ගෙන්වන දේවල් අඩු කරන්න ඕනේ... මේ කියන සංගමේ අය තමා අකමැති ලංකාවේ වාහන හදනවට. එයාලට ඕනේ වැඩි ගානට වාහන ගේන්න. මේ මාසේ ලංකාවේ ආනයන වියදම අඩු වෙයි. ගෙවීම් ශේෂයට බලපෑම අඩු මාසයක් වෙනවා.
Pradeep Friday, 17 May 2019 06:04 PM
යූ.එන්.පී. ආණ්ඩුවකින් නොතෙමි යන්න අඩුවට කාර් ගන්න හිටිය අයට වුණු දෙයක්...
PerakumSunday, 19 May 2019 03:24 AM
ඇත්ත....ඒත් හොඳ ප්‍රවාහන පද්ධතියක් තිබේ නම් කාර් එකක අවශ්‍යතාවය හොඳටම අඩු වෙනවා. උදාහරණයක් ලෙස බස් වල සීට් ගනනට මගීන් ගන්න නීතියක් දැම්මොත් බලන්න මොකද වෙන්නේ කියල. බස් රේස් යන එක ඉබේම නවතිනවා. ගමන් වාර ගණන වැඩිවෙනවා. වෙලාවට ගමනක් යන්න පුළුවනි. මාර්ග අනතුරු අඩුවෙනවා. එහෙම උනාම අපි කවුරුත් බස් වල යනවා. දුම්රිය සේවාවත් මේ වගේම දියුණු කරන්න පුළුවන්.
parakramaMonday, 20 May 2019 10:37 AM
මේ යෝජනාවට මම නම් උඩින්ම කැමතියි. මොකද පොකට් එක පරිස්සම් කරගන්න පුළුවනි.
Perera Friday, 17 May 2019 09:37 PM
මේඩ් ඉන් කුරුණෑගල... වොක්ස්වැගන් කාර් ගන්නකෝ අඩු ගාණට..
dilal Saturday, 18 May 2019 04:14 AM
වෙනත් භාණ්ඩ නම් අලෙවිය අඩුවෙනකොට මිල අඩුවෙනවා සමහර භාණ්ඩ නොමිලේ දෙනවා. නමුත් මේ වාහනවල නම් කිසිම මිල අඩුවීමක් නැහැ.
Akila Saturday, 18 May 2019 11:52 AM
යහපාලනයේ මුදල් ඇමැතිලා ඔක්කොම දන්නේ හැම බජට් එකකදීම... අායේ නම් ඉතින් වාහන මිල වැඩිකරන්න තමයි. වෙන විදිහකින් "අය" හොයාගන්න දන්නේ නැහැ. මේ ගොල්ලෝ තව අවුරුදු 10ක් හිටියොත් මරුටියකුත් කෙල කෝටියක් කරයි.
Nuwan Saturday, 18 May 2019 01:05 PM
කොච්චර හොඳද? මේ පුංචි රටේ තවත් වාහන යන්න ඉඩක් නැහැ. කරුණාකරලා, ඔය සංගමේ ඔය මීටර් කරකවපු, ආර් ග්‍රේඩ් ජපන් වාහන, කුඨ ලෙස වෙනස්කරලා ලංකාවේ අහිංසක දුප්පතුන්ට විකුණලා සුරකින්නේ නැතුව කරුණාකරලා ඔය ව්‍යාපාරය නවත්තන්න දැන්වත්... ලංකාවේ සේල්වල තව අවුරුදු 10 කට වඩා ඇතිවෙන්න වාහන තියනවා. ඔබලාගේ සම්බන්ධකම් පාවිච්චිකරලා අපේ රටේ නිෂ්පාදනයක් ඔය ජපානය ඇතුළු පිටරටවලට අපනයනය කරන්න ක්‍රමයක් හදන්න. එයයි මේ මොහොතේ ඔබේ රටට විය යුතු යුතුකම...
pakeer Saturday, 18 May 2019 01:51 PM
ලංකාවේ වාහන හැදුවට කමක් නැහැ පිටරට සමාගම් වලින්. ඒ කියන්නේ ඇඟලුම් වගේ. එතකොට ඒවගේ තත්වයක් තියෙනවා. නැතුව හදන්නන් වාලේ හැදුවොත් නිකන් යකඩ ගොඩක් විතරයි. එ්කයි මිනිස්සු ජපන් සහ යුරෝපා වාහන මිල ගාන වැඩි වුනත් ගන්න හදන්නේ. අනික වාහන දැනටමත් තියෙන මිනිස්සු හරිම කුහකයි. ඒ අය ආස නැහැ අනිත් අය වාහන ගන්නවට. හොඳ දේ හැමෝටම සුභවාදීව කළොත් හැමෝටම සෙතක් වේවි...!!!
Chaminda Saturday, 18 May 2019 05:02 PM
දේශීය පොල් මිල රුපියල් 20 ට අඩු වෙලා..... ඒ නිසා පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට ටැක්ස් වැඩි කරන්න...
සිරිබිරිස් Sunday, 19 May 2019 01:12 AM
ඇත්තටම මේ රටේ වෙන්න ඕන මෙය තමයි. වාහන ආනයන කරුවන් ඉන්නේ ඉතාම ටික දෙනයි. නමුත් ඔවුන් පිනවන්න ගියාම වෙන්නේ මෙරට තවතවත් අගාධයට යාමයි. අපිට ලෝකයට වාහන විකුණන්න අවශ්‍ය නැහැ රටට අවශ්‍ය සියලු වාහන මෙහිම හදමු
BamunuarachchiTuesday, 21 May 2019 01:48 PM
මරේ මාරු අදහස. "වාහනයක් ගැනීමෙන් පිනවන්නේ වාහන ආනයන කරුවන්" මේවගේ මොළ ෆෝමලීන් වල දාලා පරිස්සම් කරන්න ඕනේ.
BamunuarachchiTuesday, 21 May 2019 01:50 PM
"රටට අවශ්‍ය සියලු වාහන මෙහිම හදමු" ඇයි අර ලංකාවේ ෆොක්ස්වැගන් කොම්පැනියේ හදන කාර් මදිද?
vidya Monday, 20 May 2019 05:44 PM
අප්පේ යන්තම් පාරේ බැහැල යන්න පුළුවන් .
Sisil Thursday, 23 May 2019 04:16 AM
කුඩයක් ගත්තා නම් නොතෙමී යන්න පුළුවන් නේ.. වාහනයක් ඕනෑ නැහැ.