
ශ්රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයකු සහ විශ්වාසනීය සන්නාමයක් මෙන්ම Nissan සහ Suzuki වාහනවල ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම, ප්‍රමුඛ පෙළේ රක්ෂණ සැපයුම්කරුවකු වන Orient Insurance සමාගම සමග පසුගිය දා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කළේය. මෙම ක්‍රමෝපායික සහයෝගීතාව දිවයින පුරා රක්ෂණ ගනුදෙනුකරුවන්ගේ අනතුරුවලට ලක් වූ වාහන අලුත්වැඩියා කිරීම නවමු මුහුණුවරකින් ගෙන ඒමට සැලසුම් කර ඇත.
මෑතකදී සිදු කරන ලද ආනයන නියාමන ලිහිල් කිරීමත් සමඟ, මෝටර් රථ කර්මාන්තයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමටAMW සමාගම සූදානම් වේ. සමාගම දැනටමත් Nissan, Suzuki සහ Renault වැනි නවතම සහ රීකන්ඩිෂන් කරන ලද වාහනවල ප්‍රමුඛ කොටසක් දරයි. එසේම සියලුම වාහන සඳහා අසමසම සහයෝගයක් ලබා දෙමින්, විකුණුම් සහ අලෙවියෙන් පසු සේවාවල ප්‍රමුඛත්වය පවත්වා ගනිමින්, ලංකාවට වාහන ආනයනය සඳහා සහාය වීම සඳහා AMW ක්‍රියාකාරීව නැවත ස්ථානගත වෙමින් සිටියි.
මෙම ඇතුළත් ප්‍රවේශය AMW සමාගමේ සේවා දර්ශනයේ කේන්ද්‍රස්ථානයයි. AMWහි පසු අලෙවි සේවා අධ්‍යක්ෂ, චමින්ද වනිගරත්න මහතා මෙසේ පැවසීය. AMW හිදී අපි නවතම සහ රීකන්ඩිෂන් ඒකක අතර වෙනස්කම් සිදු නොකරමින් සියලුමSuzuki සහ Nissan වාහන සඳහා සේවා සපයනවා. සෑම වාහන හිමිකරුවකුටම නිෂ්පාදක මට්ටමේ විශේෂඥතාව සහ සහයෝගය ලැබිය යුතු අතර, එය දිවයින පුරා සැපයීමට අපි කැප වී සිටිනවා.”
AMW හි අලෙවියෙන් පසු සේවා අංශය, වර්තමානයේ වාහන 200,000කට වැඩි ගණනකට සහාය වීම සඳහා එහි තාක්ෂණික විශේෂඥතාව, අමතර කොටස් සැපයුම සහ රට පුරා සේවා සැපයීම පුළුල් කරමින් සිටියි. ඔවුන්ගේ වැඩිදියුණු කරන ලද බොඩි ෂොප් පහසුකම්, නිෂ්පාදක ප්‍රමිතිවලට අනුව අලුත්වැඩියා සිදු කිරීම සහතික කිරීම සඳහා උසස් තාක්ෂණය සහ උපකරණවලින් නවීකරණය කර ඇත. AMW එහි පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය පිළිබිඹු කරමින් දැරිය හැකි මිලකට අව්‍යාජ අමතර කොටස් සපයයි.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වාහන අනතුරු අලුත්වැඩියා සේවා ඉහළ නැංවීමට AMW Orient Insurance එක් වෙයි