IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


වසරක ජයග්‍රහණ අභිමානයෙන් සැමරූ Arpico Mattress Achievers Night 2025

ශ්‍රී ලංකාවේ මෙට්ට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ‘Arpico Mattress Achievers Night 2025’  සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.  Arpico  විසින් වසර තුළ අත්කරගන්නා ලද ජයග්‍රහණවල සතුට එහි ව්‍යාපාරික හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩලය සමග බෙදාගැනීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ විය. 
ඉහළම අලෙවියක් වාර්තා කරන විශිෂ්ටයන්ට සම්මාන පිරිනමන  Arpico Mattress Achievers Night  සම්මාන උළෙල, Arpico වාර්ෂික වැඩසටහන් අතර ප්‍රමුඛතම වැඩසටහනකි. මෙවර සම්මාන උළෙල Cinnamon Life at City of  Dreams  හිදී පැවැත්වුණු අතර, එහිදී සමාගමේ අලෙවි නියෝජිතයෝ 150  දෙනෙක් විවිධ කාණ්ඩ යටතේ ප්ලැටිනම්, රන්, රිදී සහ ලෝකඩ සම්මානවලින් පිදුම් ලැබූහ. තමන්ට අදාළ විකිණුම් බලප්‍රදේශ තුළ ඉහළම විකුණුම් සහ ආදායම් වාර්තා කළ විශිෂ්ටයන්ට මෙලෙස සම්මාන හිමි විය. එමෙන්ම මෙහිදී පාරිභෝගික සේවාවේ විශිෂ්ටත්වය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකරන ලදි. 
මෙම වසරේ සම්මාන උළෙලේ ජයග්‍රාහකයන්ට සම්මානවලට අමතරව විදේශ සංචාරද හිමි විය. විකුණුම් කාණ්ඩවල ලෝකඩ සම්මානලාභීන්ට මැලේසියා හෝ බැංකොක්  සංචාර පිරිනමන ලද අතර, රිදී සම්මානලාභීන්ට බැංකොක්, පතායා සහ ඩුබායි සංචාර පිරිනමන ලදී. රන් කාණ්ඩයේ සම්මානලාභීන්ට පිලිපීන සංචාර හිමි වූ අතර, ප්ලැටිනම් සම්මානලාභීන්ට ඔස්ට්‍රියාව, හංගේරියාව සහ ඩුබායි වෙත සංචාර හිමි විය.
“අප විසින් නිරන්තරයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබන අලු‍ත් නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත සමීප කරවීම සඳහා අපගේ හවුල්කරුවන් විසින් ඉටුකරනු ලබන මෙහෙවර කෙතරම්ද වැදගත්ද යන්න අප හොඳින් දන්නවා. එම මෙහෙවර අපගේ ඇගයීමට ලක් විය යුතුමයි. මෙම සම්මාන ඔවුන්ගේ දායකත්වයට ලැබෙන ඇගයීමක් මෙන්ම, මෙම හවුල්කාරීත්වය අපට කෙතරම් වැදගත්ද යන්න මැනැවින් පිළිබිඹු කරන සාධකයක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.  Richard Pieris and Company PLC  හි අධ්‍යක්ෂ විවිල් පෙරේරා මහතා පැවසීය.



අදහස් (0)

වසරක ජයග්‍රහණ අභිමානයෙන් සැමරූ Arpico Mattress Achievers Night 2025

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site