(හර්ෂණ තුෂාර සිල්වා)
ලෝ ප්‍රකට සී.එන්.එන්. පුවත් සේවය මේ වසරේ සංචාරයට හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත.
සී.එන්.එන්. පුවත් සේවයේ ‘සී.එන්.එන්. ට්‍රැවල්’ වෙබ් අඩවියේ කර්තෘවරු වාර්ෂිකව එලෙස සංචාරයට හොඳම ස්ථාන නම් කරති. එම ස්ථාන ඔවුන්ගේ වාර්ෂික ලැයිස්තුවට එක් කෙරේ.
සී.එන්.එන්. ට්‍රැවල් වෙබ් අඩවිය මේ අයුරින් 2018 වසරේ දී ස්ථාන 18ක් ද 2019 වසරේදී ස්ථාන 19ක් ද නම් කළේය.
2020 වසරේ සඳහා හොඳම ස්ථාන 20 අතරට ඇතැම් රටවල් ද ඇතැම් රටවල නගර හා ස්ථාන ද නම් කර තිබේ.
පාස්කු ඉරිදා මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වුවද ඉතිහාසය, විහාරස්ථාන, ඉපැරැණි මාලිගා, පෞරාණික නටඹුන්, වනජීවින් හා සොබා සම්පත නිසා ශ්‍රී ලංකාව නැරැඹිය යුතුම ස්ථානයක් ලෙස තවමත් නොනැසී පවතින බව සී.එන්.එන්. ට්‍රැවල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
දකුණු ආසියානු කලාපයේ කුඩා දූපතක් වන ශ්‍රී ලංකාව වසර 2,000ක ඉතිහාසයකින් සමන්විත සංකීර්ණ හා ශක්තිමත් පෞඪ ශිෂ්ටාචාරය හිමි රටක් වීම එම ලැයිස්තුවට එක්වීමට ප්‍රධාන වූ හේතු යැයි එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ, පොළොන්නරුව, සීගිරිය, දළදා මාලිගාව සහ මහනුවර ඇසළ පෙරහර, මින්නේරිය ජාතික උද්‍යායනය, වන අලි ශ්‍රී ලංකාවේ වටිනාකමටත් ‘සී.එන්.එන්. හොඳම 20’ එකතුවීමටත් ඉහළ දායකත්වයක් දී තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව චිලී රාජ්‍යයේ ‘චිලියන් ලේක් දිස්ත්‍රික්’, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර, ජෝර්දානයේ මළ මුහුද, ඩොමිනිකා රාජ්‍යය, එස්තෝනියාව, අයර්ලන්තයේ ‘ගල්වේ’, ජැමෙයිකාව, කිර්ගිස්තානය, ජපානයේ ‘කියුෂු’ දූපත, ප්‍රංශයට අයත් භූමි ප්‍රදේශයක් නිව් කැලිඩෝනියාව, බ්‍රසීලයේ පරාටි නගරය සහ ඉල්හා ග්‍රාන්දේ දූපත, මධ්‍යම අප්‍රිකාවේ සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ රාජ්‍යය, රුසියාවේ ශාන්ති පීටර්ස්බර්ග් නගරය, ටියුනීසියාව, බිටිෂ් කොලොම්බියාහි වැන්කුවර් දූපත්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ජර්මනියේ වුපර්ටන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ වයෝමින්ග් සහ සැම්බියාව 2020 සංචාරයට හොඳම ස්ථාන ලෙස නම් කර තිබේ.




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායකට එනකන් නම් හොදයි තමයි එතනින් එහාට යන්න ගියාමනේ එපාවෙන්නේ. එක ජර්මානු සංචාරක සඟරාවක තිබුන ප්‍රහාරක ජෙට් නියමුවෙකුටනම් කිසි බයක් නැතුව වහනෙක ඉස්සරහ ආසනේ හර්ද රෝහයක් නොහැදී ගමන් කරන්න පුළුවනි, ත්‍රිරෝද රථ ඇන්දේ හැප්පීන වගේ ඉස්සරහින් විරුද්ද දිශාවින් ඇවිත් ළඟටම ඇවිත් හරවල යනවා කියල. වාහන තදබදේටනම් නීති හදන්නම වෙනවා.
අපි ඉතාම සතුටු වෙනවා මෙහෙම අහන කොටත්. කරුණා කරලා ආණ්ඩුව හෝ පළාත් සභා එකතුවෙලා බොන්නට පිරිසිදු වතුර ටිකක් සහ පිරිසිදු වැසි කිලි ටිකක් හදන්න කටයුතු කරන්න .විශේෂයෙන්ම ගුවන් තොටුපොල ඉදිරිපිට තියන වැසිකිලිය හතර මහා අපායක්.
බොරු ගොඩක්...