මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Platform Daddy පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙලේදී හිටපු කතානායක කරු ජයසූරිය මහතා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නිර්මාල් දනන්සූරිය මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
Platform Daddy සමාගම ඉල්ලුම ඉහළ නැංවීම, ආයෝජනයට සරිලන ප්‍රතිලාභ ලැබීම, වර්ධනය වේගවත් කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරයි. යම් සන්නාමයක් සඳහා ලැබෙන පාරිභෝගික විමසීම් ඉහළ නංවා ඒවා විකුණුම් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ මූලික උපාය මාර්ගය වේ. කර්මාන්ත රැසකට අදාළ ඩිජිටල් අලෙවිකරණ විශේෂඥතාව සහිත එම සමාගම ශ්‍රී ලංකාව, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යට ඇතුළු රටවල් රැසකට අයත් ව්‍යාපාරවලට සේවා සපයයි. මාලදිවයිනේද ව්‍යාපාර ලියාපදිංචිය ලබා ඇති ඔවුන් මේ වසරේදී එක්සත් රාජධානියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිය ව්‍යාපාර ලියාපදිංචි කිරීමට නියමිතය.
කාර්ය සාධනය මූලික කර ගත් ආකෘතියක් මත ක්‍රියාත්මක වන එම සමාගම වඩාත් සුදුසු පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට ව්‍යාපාරවලට සහාය වේ. සාමාන්‍ය අලෙවිකරණ උපක්‍රමවලට අමතරව කෘත්‍රිම බුද්ධිය පදනම් කර ගත් විශ්ලේෂණ, ්ඍ හා ඪඍ විසඳුම්, ස්වයංක්‍රීය අලෙවිකරණය වැනි නවීන සංකල්පද යොදා ගනී.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසරේ විශිෂ්ටම උපාය මාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය Platform Daddy