IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වසරේ මුල් මාස හයේදී දෛනික සංචාරක වියදම් ඩොලර් 9.41කින් පහළට

භානුක අමරසිංහ


මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා මුල් මාස හයක කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන් දෛනිකව සිදු කළ වියදමේ සාමාන්‍ය අගය එක්සත් ජනපද ඩොලර් 171.74ක් ලෙස සටහන්ව තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක මේ බව සඳහන් වෙයි. ඒ අනුව මෙය 2024 වසරේ දෛනික සංචාරක වියදමේ සාමාන්‍ය වන එක්සත් ජනපද ඩොලර් 181.15 හා සැසඳීමේදී ඩොලර් 9.41ක අඩුවීමකි.
2025 වසරේ මුල් මාස හයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,168,044ක් වන අතර, එම සංචාරක පැමිණීම් හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,712.6 කි. එහිදී ජනවාරි මාසයේ සිට ජූනි දක්වා කාලය තුළ පැමිණි සංචාරකයකු මෙරට රැඳී සිටි රාත්‍රී ගණනේ සාමාන්‍ය 8.34 ක් ලෙස සටහන්ව තිබේ.
2024 වසර තුළදී මෙරට වෙත සංචාරකයන් 2,053,465ක් පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 3,168.6 කි. එහිදී 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සංචාරකයන් මෙරට රැඳී සිටි රාත්‍රී ගණනේ සාමාන්‍ය දින 8.42ක් ලෙස සටහන්ව තිබේ.
2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් දෛනිකව  කළ වියදමේ සාමාන්‍ය අගය එක්සත් ජනපද ඩොලර් 164.4ක් ලෙස සටහන් විය. වසර තුළ සංචාරකයන් මෙරට රැඳී සිටි දින ගණනේ සාමාන්‍ය 8.44 කි.



අදහස් (0)

වසරේ මුල් මාස හයේදී දෛනික සංචාරක වියදම් ඩොලර් 9.41කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site