(හර්ෂණ තුෂාර සිල්වා, තිළිණි ද සිල්වා)
මේ වසරේ මැයි මාසයේදී සංචාරක පැමිණීම් සියයට 2.5කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මැයි මාසයේ සංචාරක පැමිණීම් සංඛ්‍යාව 121, 891කි.
කෙසේ නමුත් මේ වසරේ පළමු මාස පහ තුළ දී මුළු සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2016 වසරේ අදාළ කාලපරිච්ඡේදය සමඟ සැසඳීමේදී 887,093ක් දක්වා සියයට වර්ධනය වූ බව මහ බැංකුව සඳහන් කරයි.
ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් මේ වසරේ පළමු මාස පහ තුළ දී සංචාරකයන් පැමිණි ප්‍රධාන මූලාශ්‍ර බවට පත්ව තිබේ. එම රටවලින් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මුළු සංචාරකයන්ගෙන් සියයට 51.4ක් වී තිබේ.
මේ වසරේ මැයි මාසයේදී සංචාරක ඉපැයීම් ද සංචාරක පැමිණීම් මෙන් අඩු වීමක් වාර්තා කළ බව සඳහන් කරන මහ බැංකුව සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 209ක් වූ බව ද සඳහන් කරයි.
මේ වසරේ පළමු මාස පහ තුළ දී සංචාරක කර්මාන්තයෙන් ලද සමුච්චිත සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,521ක් දක්වා සියයට 4.8කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වාදෙයි.
2025 දෙසැම්බර් මස 04
302
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසරේ මුල් මාස පහේ සංචාරක වර්ධනයක්