පසුගිය මාස 8ත් 10ත් අතර කාලයේදී රාජ්‍ය ආදායම සියයට 1ත් 2ත් අතර ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
පසුගිය වසර 22ක පමණ කාලයේදී එනම් 1994 සිට මේ දක්වා රාජ්‍ය ආදායම වැඩිවී නැති බවත් එය සියයට 20 සිට සියයට 10 දක්වා අඩුවී තිබෙන බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
පසුගිය කාලයේදී යම් ප්‍රමාණයක හෝ ආදායම වර්ධනයක් ලබාගත්තේ වැට් බද්දත් නොමැතිව බව කී අබේවර්ධන මහතා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලැබිය යුතු ආදායම් පසුගිය කාලයේදී වැඩිකරගෙන තිබෙන බවද සඳහන් කළේය.
විදේශීය ණය ලබාගැනීම සීමා කර අපනයනයන් ඉහළ නංවා ආනයන අඩුකිරීමට රජය පියවර ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
රටේ ආර්ථීකය දියුණු කිරීමේ පියවරක් ලෙස මෙම කටයුතු කරන බව ද අබේවර්ධන මහතා කීවේය.
හෙතෙම මේ බව පැවසුවේශ්‍රී ලංකා නිදහස් පඬ මූලස්ථානයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කලින් හිටපු කට්ටිය හොරකම් කළා කියන සල්ලි ලංකාවට නොගෙන්වාම රාජ්‍ය ආදායම ඉහළ ගියා කියන්නේ හොඳ නිමිත්තක්. හැබැයි අපේ රටේ ආදායමට වඩා වියදම වැඩි නිසා, ඔය වැඩි වුණා කියන ආදායම ආයෙත් කැරකිලා දේශපාලකයාගේ සාක්කුවටම තමයි යන්නේ. (නි)
රටේ දේශීය නිෂ්පාදන සහ අපනයනයන් ඉහළ නංවන්නේ නැතිව,(හේ)
එහෙනම් ගොඩක් සතුටුයි නේද?(හේ)
වෙන්න බෑ.(හේ)
ආදායමනම් වැඩි වෙන්න විදියක් නෑ ණය බර නම් වැඩි වෙලා ඇති.(හේ)
බදු ගහල රාජ්‍ය අදායම ඉහල ගිහින් වැඩක් තියෙයිද...? (හේ)
රටේ දේශීය නිෂ්පාදන සහ අපනයනයන් ඉහළ නංවන්නේ නැතිව, ටැක්ස් ගහලා රාජ්‍ය අදායම ඉහල ගිහින් වැඩක් තියෙයිද...(හේ)
අපිට කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ දැන්.(හේ)
ඉදිරියේදී කොහොමත් වැඩි වෙයි (හේ)