පසුගිය මාස 8ත් 10ත් අතර කාලයේදී රාජ්‍ය ආදායම සියයට 1ත් 2ත් අතර ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
පසුගිය වසර 22ක පමණ කාලයේදී එනම් 1994 සිට මේ දක්වා රාජ්‍ය ආදායම වැඩිවී නැති බවත් එය සියයට 20 සිට සියයට 10 දක්වා අඩුවී තිබෙන බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
පසුගිය කාලයේදී යම් ප්‍රමාණයක හෝ ආදායම වර්ධනයක් ලබාගත්තේ වැට් බද්දත් නොමැතිව බව කී අබේවර්ධන මහතා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලැබිය යුතු ආදායම් පසුගිය කාලයේදී වැඩිකරගෙන තිබෙන බවද සඳහන් කළේය.
විදේශීය ණය ලබාගැනීම සීමා කර අපනයනයන් ඉහළ නංවා ආනයන අඩුකිරීමට රජය පියවර ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
රටේ ආර්ථීකය දියුණු කිරීමේ පියවරක් ලෙස මෙම කටයුතු කරන බව ද අබේවර්ධන මහතා කීවේය.
හෙතෙම මේ බව පැවසුවේශ්‍රී ලංකා නිදහස් පඬ මූලස්ථානයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසර 22කට පසු රාජ්‍ය ආදායම වැඩි වෙලා
සත්‍යයා Friday, 04 November 2016 02:11 AM
අර කලින් හිටපු කට්ටිය හොරකම් කළා කියන සල්ලි ලංකාවට නොගෙන්වාම රාජ්‍ය ආදායම ඉහළ ගියා කියන්නේ හොඳ නිමිත්තක්. හැබැයි අපේ රටේ ආදායමට වඩා වියදම වැඩි නිසා, ඔය වැඩි වුණා කියන ආදායම ආයෙත් කැරකිලා දේශපාලකයාගේ සාක්කුවටම තමයි යන්නේ. (නි)
සරත් Thursday, 03 November 2016 03:51 PM
රටේ දේශීය නිෂ්පාදන සහ අපනයනයන් ඉහළ නංවන්නේ නැතිව,(හේ)
භානුක Thursday, 03 November 2016 03:51 PM
එහෙනම් ගොඩක් සතුටුයි නේද?(හේ)
ඩලස් Thursday, 03 November 2016 03:52 PM
වෙන්න බෑ.(හේ)
ඉසංක Thursday, 03 November 2016 03:52 PM
ආදායමනම් වැඩි වෙන්න විදියක් නෑ ණය බර නම් වැඩි වෙලා ඇති.(හේ)
සමන් Thursday, 03 November 2016 03:52 PM
බදු ගහල රාජ්‍ය අදායම ඉහල ගිහින් වැඩක් තියෙයිද...? (හේ)
සමන් Thursday, 03 November 2016 03:52 PM
රටේ දේශීය නිෂ්පාදන සහ අපනයනයන් ඉහළ නංවන්නේ නැතිව, ටැක්ස් ගහලා රාජ්‍ය අදායම ඉහල ගිහින් වැඩක් තියෙයිද...(හේ)
නලීන් Friday, 04 November 2016 11:15 AM
අපිට කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ දැන්.(හේ)
ඇසළ Friday, 04 November 2016 11:13 AM
ඉදිරියේදී කොහොමත් වැඩි වෙයි (හේ)