
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව LANKATILES PLC
කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත සහ ජෙෆ්රි බාවා හා ලුණුගඟ භාරයන්හි සභාපති චන්න දාස්වත්ත යන මහත්වරු
ශ්‍රී ලාංකේය වාස්තුවිද්‍යාව, සැලසුම්කරණය සහ ජීවන අවකාශ ප්‍රවර්ධනය උදෙසා දිගුකාලීනව කැපවී සිටින LANKATILES සමාගම, ජෙෆ්රි බාවා භාරය (Geoffrey Bawa Trust) සමග සුවිශේෂී සහයෝගීතාවකට එළැඹ ඇත.
මෙම සහයෝගීතාව යටතේ ජෙෆ්රි බාවා භාරය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන් කිහිපයකටම මූල්‍යමය හා සංවිධානාත්මක දායකත්වය සැපයීමට LANKATILES ආයතනය පියවර ගෙන ඇත. ඒ අතර ‘DesignTalk’ සංවාද මණ්ඩපය, වාර්ෂික ජෙෆ්රි බාවා අනුස්මරණ දේශනය ඒ අතර වේ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා ආධුනිකයන් අතර අදහස් හුවමාරු කර ගැනීමට මෙන්ම, ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ අනාගතය වෙනුවෙන් නව මාවතක් විවර කර ගැනීමටද මෙම වැඩසටහන් මහඟු පිටිවහලක් වනු ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ LANKATILES PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“වාස්තුවිද්‍යාව යනු හුදෙක් ගොඩනැගිලි ඉදිකිරීමක් පමණක් නොව, සංස්කෘතික අනන්‍යතාව මෙන්ම දේශීය උරුමයද හැඩගස්වන කලාවක් බවයි. එබැවින්, අනාගත ගෘහ නිර්මාණ ශිල්පීන් දිරිමත් කරන සාධනීය වැඩපිළිවෙළකට දායකත්වයක් සැපයීමට ලැබීම සමාගමක් ලෙස මහත් අභිමානයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජෙෆ්රි බාවා සහ ලුණුගඟ භාරයන්හි සභාපති චන්න දාස්වත්ත මහතා පෙන්වා දුන්නේ පරිසරය සහ කලාව තේමා කරගනිමින් තමන් වසර පුරා සංවිධානය කරන ප්‍රදර්ශන, දේශන සහ සංචාර ඇතුළු වැඩසටහන් මාලාව අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම සඳහා LANKATILES ආයතනය ලබාදෙන මෙම සහයෝගය විශාල ශක්තියක් වන බවයි.
දශක පහකට අධික කාලයක් තිස්සේ ගෝලීය ප්‍රමිතියෙන් යුත් ටයිල් සහ මතුපිට නිමවුම් විසඳුම් (Surface Solutions) හඳුන්වා දුන් LANKATILES, ලාංකිකයන්ගේ නිවාස හා ගොඩනැගිලි සැලසුම්කරණ කලාවේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමට සුවිශේෂී දායකත්වයක් සපයන සමාගමකි. නිර්මාණකරණය මගින් සමාජය මෙන්ම සංස්කෘතියද හැඩගැස්විය හැකිය යන විශ්වාසය මෙම සහයෝගිත්වයෙන් තවදුරටත් තහවුරු වන බව සමාගමේ විශ්වාසය යි.
කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ජෙෆ්රි බාවා මහතා විසින් 1982 වසරේදී පිහිටුවන ලද ජෙෆ්රි බාවා භාරය, මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද වාස්තුවිද්‍යාව, කලාව සහ පාරිසරික අධ්‍යයන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැප වී කටයුතු කරනු ලබයි.
2003 වසරේදී සිදු වූ බාවාගේ අභාවයෙන් පසුවද ඔහුගේ ලේඛනාගාරය සුරක්ෂිතව පවත්වාගෙන යමින්, ස්වාභාවික හා මිනිසා විසින් නිර්මාණය කරන ලද පරිසරය මෙන්ම කලාව පිළිබඳ පුළුල් සංවාද ගොඩනගන විවිධ පොදු වැඩසටහන් වසර පුරා අඛණ්ඩව සංවිධානය කිරීමට මෙම භාරය පියවර ගෙන ඇත. ගෘහ නිර්මාණ ශිල්පීන්, සැලසුම්කරුවන්, විද්වතුන් සහ සිසුන් නිරන්තරයෙන් දිරිමත් කිරීම මෙහි මූලික අරමුණ යි. විවිධ පරම්පරා අතර අර්ථවත් අදහස් හුවමාරුවකටද ඉන් මඟ පෑදේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd