ඉන්දියාවේ හොඳම ගුවන් සේවය ලෙස සැලකෙන විස්තාරා ගුවන් සේවය අද (25) සිට ඉන්දියාවේ මුම්බායි නුවර සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම නිවේදනය කරයි.
ඒ අනුව බදාදා හැර සතියේ අනෙක් සෑම දිනකදීම විස්තාරා ගුවන් සේවය මුම්බායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කරයි.
පිරිමැසුම් පන්තිය (ඉකොනමි), ව්‍යාපාරික පන්තිය සහ ඊට අමරතව ‘ප්‍රිමියම් ඉකොනමි’ යනුවෙන් තවත් ආසන පන්තියක් ද ප්‍රථම වරට හඳුන්වා දී ඇතැයි එම විස්තාරා සමාගම කියයි.
විස්තාරා සමාගම ඉන්දියාවේ ටාටා සන්ස් සහ සිංගප්පූරු ගුවන් සේවයේ හවුල් ව්‍යාපෘතියකි.
ශ්‍රී ලංකාවට සමාරම්භක ගුවන් ගමන් අරඹමින් පැමිණෙන පළමු විස්තාරා ගුවන් යානය සහ එහි පැමිණෙන මගීන් පිළිගැනීම සඳහා සාම්ප්‍රදායික නර්තන සහිත උත්සවයක් සහ දේශීය රසකැවිලි සංග්‍රහයක් ද සංවිධානය කර තිබේ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් යාපන ජාත්‍යන්තර ගුවන් තොටුපොලට එන යන ගුවන් යානාවල ලේඛන එහෙම තියනවද?