IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


විසිට් ශ්‍රි ලංකාවට පෙරමග සාදන ෂැංගි‍්‍ර ලා කලම්බු

(හර්ෂණ තුෂාර සිල්වා)

‘වන් ගෝල් ෆේස්’ ව්‍යාපෘතිය යටතේ පළමු පියවර ලෙසින් ඉදිකළ ෂැංගි‍්‍ර ලා කලම්බු හෝටලය අනුමාන කර තිබූ අයුරින්ම නොවැම්බර් 16 දින විවෘත කෙරිණි. 

මේ අනුව කොළඹදී විවෘත වූ ෂැංගි‍්‍ර ලා හෝටලය ‘ෂැංගි‍්‍ර ලා හොටෙල් ඇන්ඞ් රිසෝට්’ ලෝ ප‍්‍රකට විවේකස්ථාන ජාලයේ 101 වැනි හෝටලයයි.  ලොව පුරා ව්‍යාප්තව තිබෙන ෂැංගි‍්‍ර ලා හෝටල් ජාලය සතු සම්පූර්ණ කාමර සංඛ්‍යාව 41,000කට වැඩි බව ද එම සමාගම කියයි. 

වසර තුනක කාලයකට පසු කොළඹ ඉදි වූ ප‍්‍රමුඛතම හෝටලය ලෙසින් හැඳින්වෙන ෂැංගි‍්‍ර ලා කලම්බු සහ හම්බන්තොට යන හෝටල් වෙනුවෙන් එම සමාගම මෙරට කර තිබෙන ආයෝජනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 800කි. ඉකුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමයේදී මෙහි මූලික ගිවිසුම්වලට අත්සන් තැබුණු එවකට විපක්ෂ කණ්ඩායම්වලින් අදාළ ගිවිසුම්වලට විරෝධතා ද එල්ල විය. 

හම්බන්තොට සහ කොළඹ ඉදිකරන ලද ෂැංගි‍්‍ර ලා හෝටල්වල මූලික ආයෝජන ඩොලර් මිලියන 500ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබූ අතර පසුව එය සියයට 10කින් වැඩි කළ බව හොංකොං පදනම් කරගෙන කි‍්‍රයාත්මක වන ෂැංගි‍්‍ර ලා ඒෂියා ජාත්‍යන්තර හෝටල් සහ සත්කාරක සමාගම නිවේදනය කළේය. එම ආයෝජන නැවත වරක් වැඩි කරන ලදි. ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී ෂැංගි‍්‍ර ලා ඒෂියා සමූහය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ ෂැංගි‍්‍ර ලා හෝටල් සමූහයේ ආයෝජනය සියයට 60කින් එක්සත් ජනපද ඩොලර් මිලියන 800ක් දක්වා ඉහළ දමන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. 

ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද පළමු ෂැංගි‍්‍ර ලා හෝටලය පසුගිය ජූනි මාසයේ දී හම්බන්තොටදී විවෘත කරන ලදි. කොළඹ දී විවෘත කරනු ලැබුවේ දෙවැනි හෝටලයයි. අයෝජන වැඩි කිරීමත් සමඟ ෂැංගි‍්‍ර ලා සමූහය ‘වන් ගොල් ෆේස්’ ව්‍යාපෘතිය දියත් කරන ලදි. ඒ අනුව ගාලූ මුවදොර අක්කර 10ක භූමියෙන් අක්කර 6යි පර්චස් 3.13ක සින්නක්කර හිමිකාරීත්වය ෂැංගි‍්‍ර ලා සමාගම සතු වන අතර ඉතිරි පර්චස් 3 හා ඊට මදක් වැඩි ප‍්‍රමාණය 99 අවුරුදු බදු යටතේ පවතියි. 

මෙම භූමියේ ෂැංගි‍්‍ර ලා කලම්බු හෝටලයට අමතරව මහල් නිවාස සංකීර්ණය, සාප්පු සංකීර්ණය, කාර්යාල ආදියෙන් සමන්විතය. ෂැංගි‍්‍ර ලා හෝටලය මහල් 34කින්, කාමර 541කින් සහ නිවාස සංකීර්ණ ඒකක 41කින් සමන්විතය. 

ඉන්දීය සාගරය සහ බේරේ වැව දර්ශනය වන අයුරින් ඉදිකර ඇති හෝටලයේ අවම පැකේජය ආරම්භ වනූයේ එක්සත් ජනපද ඩොලර් 245කිනි එනම් ආසන්න වශයෙන් රුපියල් 37,000කි. 

ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ තුළ විවිධ වැඩසටහන් කළ හැකි පරිදි එය ගොඩනගා තිබෙන ශ‍්‍රී ලංකාව තුළ එවැනි වැඩිම පහසුකම් ප‍්‍රමාණයක් තිබෙන හෝටලය යැයි ද පැවසේ. ශ‍්‍රී ලංකාව ආසියාවේ අංක එකේ ‘රැුස්වීම්, දිරිදීම්, සම්මන්ත‍්‍රණ සහ ප‍්‍රදර්ශන ඵෂක්‍ෑ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබේ. ‘රැුස්වීම්, දිරිදීම්, සම්මන්ත‍්‍රණ සහ ප‍්‍රදර්ශන’ (ඵෂක්‍ෑ* සංචාරක ගමනාන්ත යනු සංචාරක ක්ෂේත‍්‍රයේ තිබෙන ප‍්‍රභේදයකි. මේ අනුව, මෙම හෝටලය විවාහ මංගල්‍ය උත්සව, විවිධ උත්සව, රාත‍්‍රී භෝජන සංග‍්‍රහ ඇතුළු විවිධ වැඩසටහන්  පැවැත්වීමේ පහසුකම් සහිතව නිර්මාණය කර ඇත.

ෂැංගි‍්‍ර ලා හෝටලයේ වෙන් කරවා ගැනීමේ පසුගිය සැප්තැම්බර් 1 වැනිදා ආරම්භ වූ අතර දැනටමත් පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවක් ඉදිරි කාලය සඳහා වෙන්කරවා ගැනීම් රැසක් කර ඇතැයි හෝටල් කළමනාකාරීත්වය සඳහන් කළේය. 

සංචාරක කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ආදායම් මාර්ගයකි. වසර 2020 දී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක ආදායමක් ඉපැයීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. ශී‍්‍ර ලංකා මහ බැංකවේ වාර්ෂික වාර්තාවට අනුව පසුගිය වසරේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ගිය අතර සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 3,518ක් විය. එය 2015 වසර හා සැසඳීමේදී සියයට 18 වර්ධනයකි. 

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව මේ වසරේ මුල් මාස අටක කාලයේදී සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම සියයට 3.5කින් වර්ධනය වී තිබේ. එම දත්ත වාර්තාවලට අනුව මේ වසරේ මුල් මාස අටක කාලයේදී සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,413.7කි. ඒ අනුව ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය හා ප‍්‍රංශය යන රටවල් මේ වසරේ මුල් මාස අටක කාලයේදී සංචාරකයන් මෙරටට පැමිණි ප‍්‍රධාන රටවල් වූ අතර එම රටවලින් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සමස්ත සංචාරක පැමිණීම්වල ප‍්‍රතිශතයක් ලෙස සියයට 51.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

වසර 2020 මෙරට සංචාරක කර්මාන්තයේ ප‍්‍රමුඛතම වසර බවට පත් කිරීමට ආණ්ඩුව සැලැසුම් කර තිබේ.ඒ වෙනුවෙන් ‘විසිට් ශ්‍රී ලංකා’ යනුවෙන් වැඩසටහනක් දියත් කරමින් ශ්‍රී ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි. 
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ උපායමාර්ග 10ක් සහිත වැඩසටහනක් සහ කාර්ය සාධන බලකායක් ‘විසිට් ශ්‍රී ලංකා’ ඉලක්කය සපුරා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව සංචාරක සංවර්ධන අමාත්‍යවරයා ඉකුත් දිනක-දී ප‍්‍රකාශ කළේය. ‘පොහොසත් රටක් 2025’ දැක්මට සමගාමීව එම වැඩසටහන කි‍්‍රයාත්මක වන බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය එහි ප‍්‍රධානතම අරමුණ යැයි ද කීවේය. 
 

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (4)

විසිට් ශ්‍රි ලංකාවට පෙරමග සාදන ෂැංගි‍්‍ර ලා කලම්බු

hira Tuesday, 28 November 2017 02:34 AM

මහින්දට ජයවේවා!

:       1278       1373

dev Tuesday, 28 November 2017 05:44 AM

මහින්ද මහත්තයාගේ වැඩ

:       227       770

kumar (galf) Tuesday, 28 November 2017 07:18 AM

හිටපු ජනාධිපතිගේ පවුලේ කොමිසන් එක කොච්චරද?

:       1604       1540

ප්‍රසාද් Sunday, 03 December 2017 03:57 PM

තියෙන හෝටල් වලටවත් ටුවරිස්ට්ලා නැත්තේ ලංකාවේ ෂැන්ග‍්‍රිලා නොතිබුන නිසා නෙමෙයි. ලංකාවේ තරු හෝටල් වලට සෙනඟ එන්නේ නැත්තේ අධික මිල නිසයි. හැම හොටලේම එක පැත්තක් වත් අඩු පැකේජයකට ලංකාවේ අයටත් යන්න සලසනවා නම්, විවිධ ආයතන වල උත්සව වලටවත් ගනියි. කාමර මිලත් සංචාරකයන්ට වැඩියි. වෙන රටවල ටුවරිස්ට් පැකේජ් බලන්න. (කියුබාව, ඩොමිනිකන් වගේ)

:       12       327

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site