IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විසි වසරකට පසු IMF පළමු නි. කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් 15 දා මෙරටට

  • ශ්‍රී ලංකා බලධාරීන් සහ සෙසු ප්‍රධාන කොටස්කරුවන් සමගත් සාකච්ඡා
  • ‘ශ්‍රී ලංකාවේ අර්ථිකය යථා තත්වයට පත් කිරීම - ණය පාලනය’ සමුළුවේ විශේෂ ආරාධිතයා

යොහාන් භාසුර


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය මෙරට නිල සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
ගෝපිනාත් මහත්මිය මෙම මස 15 සහ 16 දෙදින මෙරට සංචාරය කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයකු 2005 වසරෙන් පසු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවත් මහ බැංකුව කීය.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ‘ශ්‍රී ලංකාවේ අර්ථිකය යථා තත්වයට පත්කිරීම - ණය පාලනය’ මැයෙන් මේ මස 16 වැනිදා පවත්වන සමුළුවේ විශේෂ ආරාධිතයා ලෙස ගීතා ගෝපිනාත් මහත්මිය සහභාගි වන බව ද එම බැංකුව පැවසීය.
ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමග සහ සෙසු ප්‍රධාන කොටස්කරුවන් සමග ඇය මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට ද නියමිතය.



අදහස් (0)

විසි වසරකට පසු IMF පළමු නි. කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් 15 දා මෙරටට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site