IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


විෂන් කෙයා හි “Visual Fitness” ඒකකයෙන් අක්ෂි පුහුණුවට විශේෂිත පැකේජ

විෂන් කෙයා ආයතනයේ  Visual Fitness  ඒකකය විසින් ඕනෑම ක්‍රීඩාවක නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම නර්තන ශිල්පීන්, ගුවන් නියමුවන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, රියදුරන්, පාසල් සිසුන් හෝ වෙනත් ඕනෑම වෘත්තීයක යෙදෙන්නකුට සිය පෙනීම වැඩි දියුණු කර ගැනීමෙන් සන්නිවේදන කුසලතා ඉහළ නංවා ගැනීමට උපකාරී වන විශේෂිත අක්ෂි පුහුණු පැකේජ රැසක් හඳුන්වා දෙන ලදී.

Visual Fitness පුහුණුව යනු ක්‍රීඩකයන්ට පමණක් නොව අනෙකුත් වෘත්තීන් වල යෙදෙන්නන්ට ද සිය පෙනීම වැඩි දියුණු කර ගැනීමෙන් කුසලතා ඉහළ නැංවීමට යොදාගත හැකි තාක්ෂණික ක්‍රමවේදයකින් සමන්විත පුහුණුවකි.

ක්‍රීඩකයන්ගේ, නර්තන ශිල්පීන්ගේ, ගුවන් නියමුවන්ගේ,  ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ, රියදුරන්ගේ, පාසල් සිසුන්ගේ පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුගේ ඇස් සහ අත් අතර වූ සමායෝජන හැකියාව ප්‍රතික්‍රියා වේගය සහ තීරණාත්මක අවස්ථාවලදී නිවැරදි තීරණ ගැනීමට ඇති හැකියාව වැනි වූ විවිධ කුසලතා මැන බැලීමටත් එවැනි කුසලතා වැඩි දියුණු කර ගැනීමටත් උපකාරී වන විශේෂිත පුහුණුවක්  Visual Fitness  වෙතින් ලබාගත හැකි බව එම ආයතනය සඳහන් කරයි.

Visual Fitness  වෙතින් හඳුන්වා දී ඇති මෙම විශේෂිත අක්ෂි පුහුණු පැකේජ වන්නේ, පාසල් ළමයින්ගේ සන්නිවේදන හැකියාවන් තීව්‍ර කර ගැනීම තුළින් අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා උපකාරී වන Memoray +  පැකේජය, රියදුරන් සහ රියැදුරු පුහුණුව ලබන්නන් සඳහා විශේෂිත වූ Perfect Driver පැකේජය, අඩි දහස් ගණනක් උස උඩු ගුවනේදී ගුවන් නියමුවන්ට මුහුණදීමට සිදුවන හදිසි අවස්ථාවන්හිදී ඉතාමත්ම කෙටි කාලයක් තුළ ගත යුතු හදිසි තීරණ ගැනීමට අවශ්‍ය කරන සන්නිවේදන හැකියා නිසියාකාරව නිවැරදි මට්ටමට තීව්‍ර කිරීමට උපකාරී වනEagle Eye  පැකේජය, වයස අවුරුදු 40න් පසු ඇති වන්නා වූ පෙනීමේ දුර්වලතා අවම කර ගැනීමට උපකාරී වනExtended Vision  පැකේජය, ක්‍රීඩකයන්ගේ අනතුරුවලින් පසු ඇති වන්නා වූ දෘෂ්ටියේ පසුබෑම හෝ යම්කිසි පුද්ගලයකුගේ ආඝාත වැනි තත්ත්වයකින් පසු හටගන්නා වූ එම සංකූලතා යථාතත්ත්වයට පත් කර ගත හැකි  Perfect Rehab  පැකේජය, නර්තන ශිල්පීන්ට චලනය නිවැරදිව මෙහෙයවීමටත්, සමබරතාව රැක ගැනීමටත් අවශ්‍ය කරන්නා වූ සන්නිවේදන කුසලතා තීව්‍ර කිරීමට උපකාරී වනDancers Motivator  පැකේජය, ත්‍රිවිධ හමුදාවේ නිරත වන්නා වූ නිලධාරීන්ට සිය රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය වන්නාවූ උපායශීලී ක්ෂණික ප්‍රතික්‍රියා වේගය, ජීවිතයට තර්ජනයක් පවා විය හැකි සංකීර්ණ අවස්ථාවන්හිදී තීරණාත්මක තීරණ ගැනීම, තොරතුරු සැකසීම වැනි සන්නිවේදන කුසලතා නියමාකාරයෙන් වැඩිදියුණු කර ගැනීමට භාවිතා කළ හැකි Tri-Forces Training  පැකේජය, ඇසේ විඩාව සහ ආතතිය අඩු කර ගැනීමට භාවිත කළ හැකි Visual Stress Release පැකේජයයි.

Visual Fitness පුහුණුව සඳහා අති නවීන තාක්ෂණයන් රැසක් භාවිත කරයි. මෙම පුහුණුව ආරම්භ කිරීමට පෙර මූලික පර්යේෂණ තුනක්ද සිදුකරනු ලබයි. මෙම පරීක්ෂණවලින් අනතුරුව ජාත්‍යන්තරව පිළිගත් පුහුණුකරුවකු මඟින් තවදුරටත් පරීක්ෂා කර ඒ අනුව පුහුණු සැලැස්ම සකසා ගැනීම සිදුකරයි.

595



අදහස් (0)

විෂන් කෙයා හි “Visual Fitness” ඒකකයෙන් අක්ෂි පුහුණුවට විශේෂිත පැකේජ

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 22 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 323 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 201 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 302 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 258 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක
2024 මැයි මස 01 70 0

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 509 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1970 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1727 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site