විෂන් කෙයා ආයතනය සිය පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක අක්ෂි සහ ශ්‍රවණ සත්කාර විසඳුම් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණෙන් අතිනවීන පහසුකම් සමඟ අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකයක් කුරුණෑගල ශාඛාවට එක් කරන ලදී.
මෙම නවතම ඒකකය විවෘත කිරීමේ උත්සවයට අක්ෂි ශල්‍ය වෛද්‍ය සරත් තෙන්නකෝන්, අක්ෂි ශල්‍ය වෛද්‍ය අනෝමා ජයතිලක, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් නාරංගොඩ, උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය ඒ.බී. කිරිදෙන, උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මාදවික දයාරත්න, විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා සහ කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහභාගි වූහ.
කුරුණෑගල, උඩුවල්පොල පාර, අංක: 22/2, Aselro ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටි විෂන් කෙයා කුරුණෑගල ශාඛාව විසි වසරකට අධික කාලයක් පුරාවට කුරුණෑගල නගරයේත් ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන් සඳහාත් ජාත්‍යන්තර ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබා දෙන ලදී. මෙම නව අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකය හරහා රෝගීන්ට අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත රෝග සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් සේවා, OCT, දෘෂ්‍ය ක්ෂේත්‍ර පරීක්ෂණ (Visual Field Test), Fundus Photographyසහ Vision Therapy ඇතුළු පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත පරීක්ෂණ සේවා රැසක් ලබා ගැනීමට හැකි වේ.
595
ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ
යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක
කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ
ලංකා හොස්පිටල්ස් සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිව
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විෂන් කෙයා කුරුණෑගල ශාඛාවට නවතම ඒකකයක්