IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විශිෂ්ටම සූර්ය බලශක්ති සේවා සපයන්නා Sterling Engineering

පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Sterling Engineering පෞද්ගලික සමාගම Global Business Excellence Awards 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. නවීන සහ උසස් තත්වයේ පුනර්ජනනීය බල ශක්ති විසඳුම් සපයන එම සමාගමේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා තිබේ. 
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අනුමැතිය සහිත Sterling Engineering පුළුල් පරාසයක සේවා සපයයි. පද්ධති නිර්මාණය, ව්‍යාපෘති ශක්‍යතා විශ්ලේෂණ, ඉංජිනේරු ප්‍රසම්පාදන, ඉදි කිරීම් ඒ අතර ප්‍රධාන වේ. අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සපයන Sterling Engineering අධීක්ෂණ සහ ඇගැයීම් සේවාද සපයයි.
Grid-tied සහ Off-grid දෙවර්ගයටම අයත් සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපනය කරන එම සමාගම දෙමුහුන් සූර්ය බැටරි ගබඩා විසඳුම්ද හඳුන්වා දී තිබේ. සුහුරු බල ශක්ති කළමනාකරණ වේදිකා සහ අධිවේගී ප්‍රතිචාර නඩත්තු පද්ධති සමඟ උසස් කාර්යක්ෂමතාවකින් යුතු සූර්ය බල ශක්ති පද්ධති ඒකාබද්ධ කිරීමෙන් බල ශක්ති උත්පාදන ධාරිතාව ඉහළ නංවන Sterling Engineering නේවාසික, වාණිජ, කාර්මික වැනි සෑම ක්ෂේත්‍රයකම සූර්ය බල ශක්ති පද්ධති සඳහා විශ්වාසනීය ක්‍රියාකාරිත්වයක් සහතික කරයි. වාණිජමය ව්‍යාපෘතිවලට අමතරව එම සමාගම ග්‍රාමීය ප්‍රජාව සමඟ එක් වී පාසල්, ප්‍රජා ශාලා සහ සෞඛ්‍ය සායන වැනි පොදු ස්ථාන සඳහා සූර්ය බල ශක්ති විසඳුම් සැපැයීමේ වැඩසටහන් රැසක්ද අරඹා ඇත. සෑම ප්‍රජාවකටම විදුලි බල ප්‍රවේශය තහවුරු කිරීම, පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට දායක වීම, ජාතික තිරසාරත්ව ඉලක්ක ළඟා කර ගැනීමට සහාය වීම Sterling Engineering සමාගමේ ප්‍රධාන අරමුණු වේ.



අදහස් (0)

විශිෂ්ටම සූර්ය බලශක්ති සේවා සපයන්නා Sterling Engineering

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site