IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


විවිධ අංශවල ආවරණය කෙරෙන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය 67 ක්

 

  • අවශ්‍ය නීති රාමුව සකස් කෙරෙන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව නීතියක් කෙටුම්පත් කර අවසන්
  • 1990 සිට 2023 වසර දක්වා ශ්‍රී ලංකාව රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති 179 ක් අවසන් කරලා
  • එහි වටිනාකම ඩොලර් බිලියන 5.3 ක්
  • ව්‍යාපෘති වැඩිම ගණනක් සිදු කර ඇත්තේ බලශක්ති ක්ෂේත්‍රයේ. එම ව්‍යාපෘති ගණන 162 ක්
  • වැඩිම ආයෝජනය වන ඩො.බි. 2.68 ක මුදල ආයෝජනය කර ඇත්තේ වරාය අංශයේ
  • ඉන්දියාව රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ආර්ථිකය වර්ධනය කරගත් ආකාරය සහ ඒ සඳහා භාවිත කළ මොඩියුලය ලංකාවේ ප්‍රතිසංස්කරණ ගමනට අදාර්ශයක්


​විමුක්ති එස් රුද්‍රිගු
මෙරට විවිධ අංශ ආවරණය වන පරිදි රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව 67 ක් පමණ ගොඩ නගා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.
රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නීති රාමුව සකස් කෙරෙන රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරීත්ව නීතියක් කෙටුම්පත් කර අවසන් බවත් එයට නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව හැකි ඉක්මනින් රජය එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත් ආචාර්යවරයා පැවැසුවේය.
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ආයතනයේ සකස් කරමින් සිටින බවත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘති සමග සෘජුවම කටයුතු කරන රේඛීය ආයතන සමග රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ආයතනය කටයුතු කරමින් සිටින බවත් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බලශක්ති, වරාය, නගර සංවර්ධනය සහ ප්‍රවාහන යන අංශ ඇතුළුව විවිධ අංශ ආවරණය වන පරිදි රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව 67 ක් ගොඩ නගා ගැනීම සඳහා කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවද ඔහු පැවැසුවේය. රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතිවලට සම්බන්ධ පාර්ශ්වකරුවන් සහ එම ව්‍යපෘතිවලට සෘජුවම සම්බන්ධ රේඛීය ආයතනවල බලධාරීන්ගේ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ආයතනය සම්බන්ධ වී සිටින බවද ආචාර්යවරයා ප්‍රකාශ කළේය.
පසුගිය මාස කීපය පුරාවට නාගරික සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ දැනුවත් කිරීමේ වැඩසටන් කීපයක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ආයතනය පැවැත්වූ බවද ජයවර්ධන මහතා පැවැසුවේය.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ලංකා වාණිජ මණ්ඩලය සමග එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය සහ ජනතාව සඳහා සමෘද්ධිය යන තේමාව යටතේ සංවිධානය කළ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනකදී රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.

 

 

 



අදහස් (0)

විවිධ අංශවල ආවරණය කෙරෙන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය 67 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 380 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 436 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site