
SLIIT විශ්ව විද්‍යාලයේ පිහිටි William Angliss Institute හි 8 වැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල් රූම්හිදී අභිමානවත් ලෙස පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හය දෙනෙක්, ශ්‍රී ලංකාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ, සංචාරක හා සූපවේද ක්ෂේත්‍රයේ ආරාධිත අමුත්තෝ සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නිකොලස් හන්ට් මහතා පිළිගැනීමේ කථාව පැවැත්වීය.
සියලුම උපාධිධාරී සිසුන් විලියම් ඇන්ග්ලිස් ආයතනයෙන් ආගන්තුක සත්කාර, වාණිජමය සුපවේදය සහ උත්සව කළමනාකරණය යන විෂය ධාරා සඳහා ඕස්ට්‍රේලියානු සුදුසුකම් ලබා ඇත. උපාධි ප්‍රදානෝත්සවයේ සැසි දෙකක් පැවැත්විණි. සභාපති එරල් වීරසිංහ මහතා උපාධි ප්‍රදානය කළ අතර සෑම කණ්ඩායමකින්ම විශිෂ්ටම සිසුවාට ත්‍යාග හා පලිහ ප්‍රදානය කරන ලදී. අධ්‍යයන කටයුතුවලින් දස්කම් දැක්වූ සිසුන් කිහිප දෙනකුටද පදක්කම් සහ කුසලාන ප්‍රදානය කෙරිණි.
උපාධි ප්‍රදානෝත්සවයේ ආරාධිත කථිකයන් වූයේ රොයිස්ටන් ක්වින් සහ ඩයරා වික්‍රමසිංහ යන ආදි සිසුන් දෙදෙනාය. රොයිස්ටන් සහ ඩයරා යන දෙදෙනාම විලියම් ඇන්ග්ලිස් ආයතනය කළ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් දුන් අතර ඔවුන් දැනටමත් කර්මාන්තයේ ඉටු කර ඇති දේ පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කළහ. උපාධිධාරීන්ට ඔවුන්ගේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය වෙත යාමට උපදෙස් දීම සඳහා නෝරා ඉමේලි අභිප්‍රේරණ දේශනයක් පැවැත්වීය.
595


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd